කවි කතාව
පසුගිය කොටසෙන්.................
ඉගෙනුම නිමා කර ඇය ඇත            පැමිණීලා
මව පිය දෙදෙන තුටු සයුරෙහි            කිමිදීලා
නිසි කල වයස ගිලිහෙනු පෙර         බොඳවීලා
හොඳ පෙළ වහක් කර දීමට            සැරසීලා
5 කොටස 
අතමිට සරුයි දැරියත් හරි දැකුම්        කළුයි
සුසිනිදු වතද පුබුදින සුදු පියුම්             බඳුයි
මිණිකැට සදිසි නෙතු සඟලේ කැලුම්     මුදුයි
මියුලැස දීග යන නිවසට පහන්            සිළුයි
කපු මහතාට එන්ටය පණිවුඩ               යවපූ
පවුලට ඇවැසි පිළිවෙළ පැහැදිලි           කරපූ
මවපිය දෙදෙන යුතුකම අකුරට           රැකපූ
දියණිට සොයයි සහකරුවෙකු ගුණ       වඩපූ
බිළිදිය දා පටන් තම පණ මෙන්            සුරැකී
පැද යන දිවි ඔරුව ගැන ඔවදන්           රැසකී
යහ ගුණ ඇතුළු සැම දෙය ඉහතින්    නොමකී
සමඟම දෑවැදිද ඇති මසුරන්             තැනකී
නවතම නිවස පිහිටා ඇති නගරෙ            මැද
ගොඩ මඩ වලද වටිනාකම වැඩිය             අද
සියලුම දෙයම දුවටයි නොම කරන           වද
සොයනට කීවෙ කොළු ගැටයකි පිරුණු    තෙද
පණ හා දෙවෙනි කොට රැකි තම එකම     දරු
යවලා කොහොම වෙන ගමකට තිබෙන     දුරු
නැවතී දෙමාපිය සමඟම දිවිය                 තුරු
සිටිනා කෙනෙකුටයි ඇරයුම බොහොම     ගරු
මතු සම්බන්ධයි......

ඔහොම යමු ඔහොම යමු..
ReplyDeleteහොද කොලු ගැටයෙක් ලැබේවිනේ..?
බොහෝම ස්තුතියි ඔයාට. ඒක තමයි මමත් කල්පනා කලේ.
Deleteකොලු ගැටයෙක් උනා නම් ඉල්ලලා බලන්න තිබ්බා.
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට. හි... හී.....
Deleteඅපූරු කවි කතාව
ReplyDeleteබොහෝම ස්තූතියි අජිත්. කවි ගයා රස විඳ අති බව දැනුනා.
Deleteවෙනදා වගේම ඉස්තරම්
ReplyDelete-Mayya
බොහෝම ස්තූතියි මයියා. ඔබේ වටිනා ප්‍රතිචාරය ඉදිරියට යන්න රුකුලක් වේවි.
Deleteඅදත් ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteජයවේවා
බොහෝම ස්තූතියි දුමින්ද. ආසාවෙන් රස වින්දානම් එය මට සතුටක්.
Deleteමගුල් ගෙදර තව ඉස්සරහට නේ. හොඳ කොල්ලෙක් ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.
ReplyDeleteබොහෝම ස්තුතියි සේපාලිකා. ඔව් ඔව් මඟුල තව ඉස්සරහට තමයි. ඇඳුම් හදාගන්න කල් අති නේද?
Delete"සුදෝ සුදු" කියවනවා වාගෙයි හැඟීම!
ReplyDeleteබොහෝම ස්තුතියි ඔබගේ පැමිණීමට. අනේ ඇත්තද? ආසාවෙන් රස වින්දා නම් එය මට සතුටක්.
Deleteකොල්ලට ගෙවල් හදන්න මහන්සි වෙන්ට ඕන නෑ හිටං 😁😁
ReplyDeleteබොහෝම ස්තුතියි නමි ඔබගෙ ප්‍රතිචාරයට. හපෝයි ඔව්. ඒව ඔක්කෝම හරි. දන්නවානෙ ඉතින් අපේ සිංහල සංස්කෘතිය. දෙමව්පියන් දුක් මහන්සි වෙලා හැමදෙම දරුවන්ට සූදානම් කරලා දෙනවනේ.
Deleteනොකියා හිටි දෙයක් දැන් නොකියා බැරිය
ReplyDeleteසුසිනිදු - බිලිදි වගෙ තැන් ඉඳහිට ඇතිය
නිවැරදි යෙදුම් ඔබ නම් දන්නා හැඩය
කලබලයෙන්ද ගෙතුවේ මේ කවි ලිපිය
බොහෝම ස්තුතියි නිදි.
Deleteඔව් ඉතින් කතන්දරෙටයි පද ගැලපිමටයි හරියන විදිහට කල්පනා කරද්දී එහෙම යෙදීම් ඇති විවිධ තැන්වල. ඉදිරියේදි කල්පනාකාරී වෙන්නම් කෝ.