Friday, January 29, 2021

ආසයි විඳිනට...

ආසයි විඳිනට...

සසදර  ගගනේ  ඔබ මොබ     සරමින්
සුදිළෙන තරු හා ඉඟි බිඟි      කරමින්
හිනැහෙන ඔබ දෙස දුර සිට    බලමින්
සනසමි හදවත මම ඉකි         බිඳිමින්

ආසයි විඳිනට ඒ සුව              සහනේ
සීතල පිණි බිඳු තැවරූ           යහනේ
රෑ කල විකසිත කඩුපුල්         අරණේ
ඈ ලය තුරුලේ සිහිලැල්          පවනේ

( ගජ ඡන්දසට අයත් පෙද විරිත ඇසුරෙන්  )

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..

සතර සතර මතින්
යති සතරක් දුටහොත්
සොළොස් මතිනි රැඳියේ
පෙද නම් විරිත් හෙ මෙසේ.

~~ ලියෝනි අමරතුංග හැමිල්ටන්~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, January 22, 2021

හදවත වාවනු කොහොමෙයි...

හදවත වාවනු කොහොමෙයි

පෙරඹර දෙසින් එන්නේ නුඹගේ             සුවඳයි
දෙනෙතෙහි කෙවෙන කඳුළැලි බැරි බර  උසුලයි
හිමිසඳ බොහෝ දුරකයි හදවත            සසලයි
සැළලිහිනියන් නැත හද වාවනු    කොහොමෙයි

අත් පටලාන පියවර නැගු පටු                දෙවට
කල් ගත උනත් මතකයි ලෙන්ගතු           හදට
මල් පිබිදිලා තිබුනත් තවමත්                  යසට
මින් පෙර ලෙසම සුවදක් නොදැනෙයි    මෙමට

සහසක් පැතුම් තෙරපන හදවත            පතුල
සතුටක් කොහිද හැඟුමන් මගෙ වෙයි      සසල
සුවඳක් විලස දැවටෙයි නිතරම              අසල
සුසුමක් ලෙසින් එවනෙමි සෙනෙහස       නිමල 

~~ ලියෝනි අමරතුංග හැමිල්ටන්~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, January 15, 2021

ප්‍රිය සොඳුරිය මා ළඟය...

සඳ එළියෙන් මැවෙන රූප සිතුවම් කරන්න
මටම හීලෑ නැති මගේ තෙලිතුඩ
මඟ බලාගෙන හිටියේ
හරිම ආසාවෙන්...
ඒත්......
අද නම් බැරි වෙයි.
දන්නවාද ඒ රහස
ප්‍රිය සොඳුරිය මා ළඟය....

මගෙ  සිතිවිලි දඟය

 සඳ එළියෙන් මැවෙන රූපන හරි           අගය  
ඇත හිත නඟන්නට සිතුවම  එහි          රඟය 
බැහැ මඟ හරින්නට දැනි සිතිවිලි          දඟය
නැත ඉඩකඩක් ප්‍රිය සොඳුරිය මා          ළඟය

මිටකින් මුදාහල ඇගෙ මුදු         කෙහෙරැල්ල
සැනෙකින් විසිර ගොස් කරනා        දැඟලිල්ල
ගැටෙමින් කොපුල් තල මත ලැබ    සැනසිල්ල
හැඟුමන් පුබුදුවයි බිඳ හද               ඉවසිල්ල 

~~ ලියෝනි අමරතුංග හැමිල්ටන්~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, January 8, 2021

ලක් මව්නි

ඔබ තනිකර දාමා ආවත්
ඔබ තුරුලේ සිට නැළැවුනු හැටි
කෙසේ නම් අමතම කරන්නද ලක් අම්මේ... 😢

ලක් මවිනි

ගඟ දොල පොකුණු සහ කඳුවැටි අහස    උස
දිය ඇළි කඩා හැලෙනා පිනවමින            ඇස
කෙත හිනැහෙනා ඵල දරමින නොයෙක   රස
නමදිමු මව්නි ලංකා මා දිනුව                දෙස

කුල මල ජාති ආගම් හැම භේද               සිඳ
හෙළයිනි පිබිඳ එව් පතුරමු අපගෙ         තෙද
සිටිවිට එකා මෙන් අභියස හෙළයෙ          දද
දකිනට හැකිය සාමය සංග්‍රාම                 බිඳ 

තිරිසන් සතුන් වුව කෘතගුණ       හදුනන්නේ
මිනිසුන් වෙසින් ඇයි ද්වේශය       වපුරන්නේ
රකිමින් උපන් ලක පෙරමුණ       අරගන්නේ
 සිහළුන් නමින් හෙළ දිව ජය        පතුරන්නේ 

~~ ලියෝනි අමරතුංග හැමිල්ටන්~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, January 2, 2021

නොමියෙන සෙනෙහස

නොමියෙන සෙනෙහස 

දැනි සෙනෙහසට පණ පෙව් ජීවිත     අඹරේ 
මගෙ සුදු මැණික නුඹ විය දියබිඳ     කතරේ 
ගත අඩපනව මියැදෙන අනියත        සසරේ
විඳි පෙම් සුවඳ සුරැකිව ඇත හද      ගැඹරේ

දරු මුණුබුරන් හා සතුටින් ගත       කෙරුව
කල අවසන්ය උන් හට ඇත ලොව     හුරුව
අප හට අපව හිමිවිය සෙනෙහස       දැරුව
යමු ඉදිරියට පැදගෙන යලි දිවි          ඔරුව