ආසයි විඳිනට...
සසදර ගගනේ ඔබ මොබ සරමින්
සුදිළෙන තරු හා ඉඟි බිඟි කරමින්
හිනැහෙන ඔබ දෙස දුර සිට බලමින්
සනසමි හදවත මම ඉකි බිඳිමින්
ආසයි විඳිනට ඒ සුව සහනේ
සීතල පිණි බිඳු තැවරූ යහනේ
රෑ කල විකසිත කඩුපුල් අරණේ
ඈ ලය තුරුලේ සිහිලැල් පවනේ
( ගජ ඡන්දසට අයත් පෙද විරිත ඇසුරෙන් )
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
සතර සතර මතින්
යති සතරක් දුටහොත්
සොළොස් මතිනි රැඳියේ
පෙද නම් විරිත් හෙ මෙසේ.
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
No comments:
Post a Comment