හදවත වාවනු කොහොමෙයි
පෙරඹර දෙසින් එන්නේ නුඹගේ සුවඳයි
දෙනෙතෙහි කෙවෙන කඳුළැලි බැරි බර උසුලයි
හිමිසඳ බොහෝ දුරකයි හදවත සසලයි
සැළලිහිනියන් නැත හද වාවනු කොහොමෙයි
අත් පටලාන පියවර නැගු පටු දෙවට
කල් ගත උනත් මතකයි ලෙන්ගතු හදට
මල් පීදිලා තිබුනත් තවමත් යසට
මින් පෙර ලෙසම සුවදක් නොදැනෙයි මෙමට
සහසක් පැතුම් තෙරපන හදවත පතුල
සතුටක් කොහිද හැඟුමන් මගෙ වෙයි සසල
සුවඳක් විලස දැවටෙයි නිතරම අසල
සුසුමක් ලෙසින් එවනෙමි සෙනෙහස නිමල
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Very nice
ReplyDeleteThanks Asaja.
Delete