Saturday, November 11, 2023

මා හද දිනු ළන්දු ..... (ශනිදා දහයට)



සුන්දර සිනහව තවරා පියවර නැගු පටු               දෙවට
සිත්ලන නෙක විසිතුරු කුසුමන් දිළුණයි පෙර         පිනට
වත්සුනු තවරා නොතිබුන පියකරු සඳ වැනි           වතට
පෙම් බැඳි දින තාමත් මතකයි අද ඊයෙක           ලෙසට

ලතැවුණි සිත රිසි ලෙස පෙම පවසනු බැරි වුනු        පවට

නොලැබුණි පින ලන් වන්නට සුසුමන් පිටවුණි        පෙළට

වියැලුණි සිනහව ගුලිවුණි සෝ ලතැවුල් හද        කොනට
බොඳවුණි දෙනයන සිහිවී ඔබ ගිය බව දුරු            රටට



ගනිනෙමි අතැගිළි හමුවෙන තුරු සෙනෙහස බර  සිරිකත
රැකගෙන යළි පැමිණෙන දින යුවතියකට හිමි      පතිවත
විසිතුරු නගරය මැද නාඳුනනා මොනරුද        ගැවසෙත
සඟවනු මැන බොළඳියෙ නොතලා නිකැළැල් ඔය හදවත

~~ හැමිල්ටන් ලියෝනි අමරතුංග  ~~

~*~*~


මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 


❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

14 comments:

  1. ජීවන වාළුකාවේ, නොනිමි මැරතනයේ මොනතරම් නම් පැතුම් කන්දරාවක් නම් ඇත් ද හිතක...

    පදපෙල කියවද්දි නන්දා මාලිනියන්ගේ කඩමණ්ඩියේ ගීතය මතක් වුනා, එම ගීතය මම ගොඩාක් ප්‍රිය ගීතයක්. අලංකාර පදපෙලක් වින්දෙමි. ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. ඔබ මතක් කලාට පසු මම නවත්ත මෙම ගීතය මතක් කර ගත්තා. මමත් ආස කරන ගීතයක්.
      මගේ පද පෙළත් රරස විඳීම ගැන සතුටුයි.

      Delete
  2. ඔබ ඉතාමත් රසවත් මෙන්ම හරවත් ගීත ලියා ඇzති බව මා වත් පොතෙන් දුටිමි.
    ඒවා අපට සිහින!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. එහෙම තමා නිහතමානී ප්‍රබුද්ධ අය කතා කරන්නේ. ඔබ ලියු රසවත් කවි කිහිපයක්ම මම ගයනා කළා නේ කවි මිණි ආර වැඩ සටහනට. ඒවා ඉතාම රසවත්. ඔබ රසවත් කවියෙක් මෙන්ම ලේකකයෙක්.

      Delete
  3. හරිම ලස්සන අර්ථවත් ගෙත්තමක්.👌

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. මේ පැත්තේ ආවාටත් ස්තුතියි.

      Delete
  4. Wow. ඒකනම් දැනෙනවා හදවතටම. හරිම රහයි.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. ඔබගේ හදවතටම දැනුනා නම් එය සාර්ථක නිර්මාණයක් ම වෙන්න ඇති.

      Delete
  5. පිරිමි පාර්සවේ පැතිකඩකිං ලියන එකත් අගේ ❤.
    කෙල්ලට රැකෙන්න කියනව වගෙ පිරිමියත් මෙහෙ රැකුනොත් හොදා. නැහ්නං පතිවත බලන්නෙ කාන්තාවගෙ විතර නෙව

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.
      කොල්ලත් ආදරේ රැකගෙන ඉන්න නිසා වෙන්ටැ කෙල්ලටත් පරිසමින් ආයේ එන්න කියන්නේ. නොරැකෙන කෙනෙක් මෙතරම් එක පෙමක් මත්තේ නැහෙන එකක් නෑ කියලයි මම හිතුවේ. මම හරිද වැරදිද මන්ද. ඒ ගැන ඉතින් වැඩියෙ කියන්න දන්නේ පිරිමි පාර්සවේ ම තමයි ඕන් . නිකමට වගේ කල්පනා කර බලන්ටකෝ නමියෝ ...

      Delete