Saturday, January 27, 2024

දෝණි 9 (ශනිදා දහයට)

  කවි කතාව

පසුගිය කොටසෙන්.................

දුවගෙද සිතෙහි මේ ගැන පැහැදුමක්       ඇති
පිටරට සිහිනයක තුන් සිත තුටින්             එති
සැමියගෙ බසට නිතැතින් හිස නැමෙයි     සිති
අසරණ මව පියගෙ හදගැබ රිදුම්          දෙති

9 කොටස  

මෙහි ඇති කිසිඳු වරදක් පහදනු            හැකිද
දින දින ඉහළ නැඟුමට බැඳි ලොබ      නොවෙද
පවුලට සිටි එකම දරුවගෙ ගුණ             සුවඳ
නොමැතිව ගෙවන දිවියක් ම'පියට     කොහෙද

අපමණ වෙහෙස ගෙන තොරතුරු ගොනු  කරපු
අයදුම් පතකි රැය නිදි වරමින                 බලපු
ලිය කියවිලිද මිටියකි රිසි ලෙස               තනපු
සිය දහසකිය සුසුමන් ඉඳ හිට                හෙලපු


තරණය කරන කල දිවි සතුටින            සිත්සේ
අහරය අරුචි විය හිස ඇම්මකි              තිස්සේ
දවසෙම අලස ගති පා නිදියන               රිස්සේ
ලෙඩවිය ඔහුගෙ ඇඹෙණිය සිතිවිලි       ගැස්සේ

දැනි එම නුහුරු හැඟුමින් බිය වැදුණු         සඳ
ගෙන එන ලදිය නිවසට මහතාව             වෙද
ඇසු එම පුවත සැල කෙරුමට නොමැත      පද
නුදුරෙම කිරි සිනහ උතුරයි නිවසෙ           මැද


තැබුනිය විරාමය සිහිනෙට යන           නොරට
සොයනට යෙදුනෙ බිරිඳ ගෙ දුක සැප   සොඳට
පිබිඳුනි නෙක පැතුම් මහ මෙර ලෙස       උසට
ලබනට දිවි විජය නුඋපන්  හෙට              දිනට

මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 8  කොටසට

👉 10 කොටසට

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

22 comments:

  1. ම්ම්. හරිම හැඩයි අදත් නිර්මාණය .
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දුමින්ද ඔබගේ ප්‍රතිචාරය ට.

      Delete
  2. බොහොම අගෙයි...ඊලග කොටසෙන් එහෙනම් දරුසුරුතල් බලමු

    ReplyDelete
    Replies
    1. ඒකට මාස නමයක් ඉන්න එපැයි..🙃

      Delete
    2. බොහෝම ස්තූතියි මයියා ඔබගේ ප්‍රතිචාරය ට.

      Delete
    3. සඳවති මම ඒ අම්මට හොඳ විටමින් දෙනවා. ඒක නිසා මාස 9 ක ම ඉන්න ඕන වෙන්නෙ නැති වෙයි. සතියෙන් දෙකෙන් බබා ලැබෙයි ඈ. 😏

      Delete
  3. ඊලඟ පරම්පරාව කතාවට මැදිවෙන හැටි බලමු.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි litseeker. ඔව් ඔව් බලමු බලමු.

      Delete
  4. කියවා ලියන්න ආයෙමත් එනවා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි හදිස්සියන් ම ආවට. ඊලඟ සැරේ කවියත් කියවා තේ එකක් එහෙම බීලාම යන්න බලාගෙන එන්නකෝ හොඳේ

      Delete
  5. ආ ඒ පාර තව හුටස්පරයක්...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සඳවතී. ඒක නේන්නම් ඉවරයක් නැති හුටස්පර තමා හැමදාම.

      Delete
  6. කවි කතාවේ දෝලණය හරිම අලංකාරයි, රසවත්. ජය!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ගල් මල්. ඔබ කවිය ගොඩාක් රස විඳලා ඇති බවක් තේරුනා. ඒ වගේම කතාව දිහා අමුතුම කෝනයකින් බලන හැඩක් දැනුනා. පැමිණීම සතුටක්.

      Delete
  7. ඔහොම යං . ඊළග කොටසත් කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අනුරුද්ධ මෙහි ගොඩවැදුනාට. ඊලඟ කොටසත් අරගෙනම් ශනිදා 10 ට එන්නම් කෝ

      Delete
  8. අඹ ඇඹරැල්ල වාගේ ඇඹුලම දෙවන
    ජාති වැඩම්මුවදෝ නිවසට තුටින
    සිඟිති ඇඳුම් පොඩි සකසන්නට ගැනුන
    රෙදිවල පැහැය ආසයි මට දැනගන්න

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නිදි මගෙ නිවහනට ගොඩ වැදුනාට. ම්..... බලමුකෝ මොන පැහැයද හොඳ කියලා හිමීට. ගම්වල මිනිස්සු දුවක් උනත් පුතකු උනත් බාරගන්නවා මිසක කලින් බලන්නේ නෑ නේ. තව ටිකක් ඉවසලා ඉන්නකෝ. ලබන සතියෙ බබා ලැබෙයි නේ.. එතකොට ම බලාගමු නේද?

      Delete
  9. කතාව හයිස්පීඩ් යනවදත් මන්ද 🙈. තොරනෙ විස්තරේ යන අතරෙ. බ්‍රේක් පාරක් ගහල කොටුවක් ඇතුලෙ තියෙන චිත්‍රෙ විස්තරයක් දෙන්නෙ නැතෙයි 😁😁

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නමී. ඔයා හිතනවාද කතාව යනවා වේග වැඩියි කියලා. අයියෝ දන්නවා නම් මේක මෙගා කවි කතාව කියලා මැරෙනකම්ම රස විඳින්න පුළුවන් විදිහට ලියනවා නේ. 😝 කලින් කියන්න්ඩ එපැයි අප්පා.

      Delete
  10. කවි කතාවද කවි නවකතාවද මන්ද. එළ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අජිත් ඔබගේ ප්‍රතිචාරය ට. තව ඩින්ගෙන් මෙගා කවි නවකතාව ක් වෙනවා නමීගේ කමෙන්ට් එක මුලින්ම දැම්මා නම්. 😆

      Delete