Monday, October 26, 2020

ඇය සුර ලඳකි

ඇය සුර ලඳකි 

සහසක් සිහින මන කළඹන         වෙලාවේ
දුටුවෙම් සුරඟනක හිනැහෙන        ලතාවේ
මනරම් උදුල දෙනයන හද            තලාවේ
රහසින් පැමිණ කිමිදුණි රස         ගුලාවේ

දෙබැමද පරදවන සුර දුනු ලෙස        කදිම
ඇය දෙවඟනකි  දුටු විට නොම වනු   පුදුම
පෙර කල පවකි නොදැනිම පිට විය   සුසුම
දුර සිට විඳිමි සැනසෙමි හද බැඳි      කුසුම

(කවි ගායනය රෝහණ දිසානායක )

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Tuesday, October 20, 2020

හාදු වැස්සක්

හාදු වැස්සක් 

හුදකලා වී සිටින ඔබ දැක පැමිණියෙමි ලඟටම            හෙමින්
හිතුන පුදනට හාදු වැස්සක් ඔබේ වත කමලට              පෙමින්
බැලිමි වට පිට පසක් කෙරුමට නොමැති බව කිසිවෙකු    එමින්
දිනකරත් සැඟවිලා හිමිහිට ඉත සිතින් අනුබල              දෙමින්

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Tuesday, October 13, 2020

දියඹට ගිය හිමි

දියඹට ගිය හිමි

දහසක් පැතුමන් හදෙහි                දරාලා
සෙනෙහෙන් ගිලිහුණ සුසුම           ඔතාලා
මිහිරෙන් පිරිමැද ලමැද                තබාලා
හනිකෙන් ඔහු ගියෙ දියඹ             බලාලා  

ලෙළදේ සෙවනැළි සෙනෙහෙ      කැදැල්ලේ
කැලඹේ සිතිවිලි මහද             තොටිල්ලේ
ගෙපැලේ දිදුළයි පහන               නිදැල්ලේ
ඇවිලේ සියොළඟ  රැයෙහි         මුළුල්ලේ

තනියක් නැත මට එය        නොසිතන්නේ
නිදුකින් අළුයම මෙගොඩ        ඇදෙන්නේ
හිරු මෙන් හිනැහී සතුට        ගෙනෙන්නේ
දෙවියන් මගෙ හිමි නිබඳ          රකින්නේ 

( ගජ ඡන්දසට අයත් දෙව්ගීගාහ විරිත ඇසුරෙන්  )

ගජ ඡන්දසට අයත් දෙව්ගීගාහ විරිත ගැන එලු සඳස් ලකුණ විග්‍රහ කර ඇත්තේ පහත අයුරිනි.

ස ගණ සතර මතින්
බිති කොට විරම් දුට හොත්
පිළි දු නගණ යගණින්
බඳ දෙව්ගීගාහ නම්.

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, October 9, 2020

සොයමි හැරගිය පෙම

 සොයමි හැරගිය පෙම

මනරම් තරුකැට  
පිපී දිලෙන විට
මහද මතකයට
ඔබ දෙනයන මැවෙයි කදිමට

අතරින් නැග එන
පුරසඳ සුදිලෙන
සිහිකරයි නිතින
ඔබෙ පෙම්වත් වටකුරු උවන

දුකය ඉතින් මට
පවසමි කා හට
හදේ  තනිකමට
හඬමි සැඟවී කුරිරු ලොවට

මතකය දිගේම
ඇවිද ගියෙමි මම
වෙහෙස නොබලාම
හමුවන තුරුම හැරගිය පෙම

(මත්වල ගී  විරිත ඇසුරෙන් )

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..

වසම්හි අටමත්
සෙමෙ අට තෙළෙස් මත්
සත්තිස් මතින් මත්වල
ගී වේ දනු හෙ මෙසේ

~~  ලියෝනි අමරතුංග, හැමිල්ටන්  ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
 
Saturday, October 3, 2020

මතු භවෙත් හමුවෙමු අම්මේ

 "ආදර අම්මේ
කොහොමද ඔයාව අමතක කරන්නේ "

 සෙනෙහේ උල්පත
අම්මා මිහිමත
නැත කෙනෙක් සමව
ඉපිද මනුලොව දවයි මසිත

මතකය අවදිව
ආගිය වතගොත
සිහියට එනවිට
බොඳව යයි නෙතු යුග දුකටම

ජීවය දී මට
මා හඬනා විට
ලේ කිරිකර සිත
සතුටු වෙන්නට ඇති හොඳටම

මතු උපදින සඳ 
මිහිමත වර ලැබ
නුඹේම දියණිය
වන්නයි මගේ එකම පැතුම 

(මත්වල ගී  විරිත ඇසුරෙන් )

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
වසම්හි අටමත්
සෙමෙ අට තෙළෙස් මත්
සත්තිස් මතින් මත්වල
ගී වේ දනු හෙ මෙසේ

මම ඔයාගෙ චූටි දූ