ඇය සුර ලඳකි
සහසක් සිහින මන කළඹන වෙලාවේ
දුටුවෙම් සුරඟනක හිනැහෙන ලතාවේ
මනරම් උදුල දෙනයන හද තලාවේ
රහසින් පැමිණ කිමිදුණි රස ගුලාවේ
දෙබැමද පරදවන සුර දුනු ලෙස කදිම
ඇය දෙවඟනකි දුටු විට නොම වනු පුදුම
පෙර කල පවකි නොදැනිම පිට විය සුසුම
දුර සිට විඳිමි සැනසෙමි හද බැඳි කුසුම
(කවි ගායනය රෝහණ දිසානායක )
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
මනරම් කවි පෙලක්. ඉතා අගෙයි ඔබේ පැබැඳුම.
ReplyDeleteබොහෝම ස්තූතියි ඔයාට 😍
Delete