Monday, October 26, 2020

ඇය සුර ලඳකි






ඇය සුර ලඳකි 

සහසක් සිහින මන කළඹන         වෙලාවේ
දුටුවෙම් සුරඟනක හිනැහෙන        ලතාවේ
මනරම් උදුල දෙනයන හද            තලාවේ
රහසින් පැමිණ කිමිදුණි රස         ගුලාවේ

දෙබැමද පරදවන සුර දුනු ලෙස        කදිම
ඇය දෙවඟනකි  දුටු විට නොම වනු   පුදුම
පෙර කල පවකි නොදැනිම පිට විය   සුසුම
දුර සිට විඳිමි සැනසෙමි හද බැඳි      කුසුම

(කවි ගායනය රෝහණ දිසානායක )


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

2 comments:

  1. මනරම් කවි පෙලක්. ඉතා අගෙයි ඔබේ පැබැඳුම.

    ReplyDelete