දියඹට ගිය හිමි
දහසක් පැතුමන් හදෙහි දරාලා
සෙනෙහෙන් ගිලිහුණ සුසුම ඔතාලා
මිහිරෙන් පිරිමැද ලමැද තබාලා
හනිකෙන් ඔහු ගියෙ දියඹ බලාලා
ලෙළදේ සෙවනැළි සෙනෙහෙ කැදැල්ලේ
කැලඹේ සිතිවිලි මහද තොටිල්ලේ
ගෙපැලේ දිදුළයි පහන නිදැල්ලේ
ඇවිලේ සියොළඟ රැයෙහි මුළුල්ලේ
තනියක් නැත මට එය නොසිතන්නේ
නිදුකින් අළුයම මෙගොඩ ඇදෙන්නේ
හිරු මෙන් හිනැහී සතුට ගෙනෙන්නේ
දෙවියන් මගෙ හිමි නිබඳ රකින්නේ
( ගජ ඡන්දසට අයත් දෙව්ගීගාහ විරිත ඇසුරෙන් )
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~~~~~~
ගජ ඡන්දසට අයත් දෙව්ගීගාහ විරිත ගැන එලු සඳස් ලකුණ විග්‍රහ කර ඇත්තේ පහත අයුරිනි.
ස ගණ සතර මතින්
බිති කොට විරම් දුට හොත්
පිළි දු නගණ යගණින්
බඳ දෙව්ගීගාහ නම්.
No comments:
Post a Comment