Saturday, March 28, 2026

ගෙනෙමු මුවඟට සිනා රැල්ලක් - (ශනිදා දහයට)

දින දින ගෙවී යන මේ දිවි ගමනෙ             කෙටී
කුසලට ඉඩ දෙමින් පියවර මැනුම               වටී
අවගුණ පිරුණු රළු දුදනන් දෙපස              සිටී
පසෙකට වෙනු සොඳය ඔ​ව්'නු​න් මුණ   නොගැටී

මඟ දිග දැකි​ය​ හැක හඬනා දිළිඳු           කැලක්
කුසගිණි දරා ගනු බැරිකම දුකට             මුලක්
ගෙන එනු නොහැකි නම් මුවඟට සිනා     වැලක්
කිම පල පුදන කල බුදුනට සුවඳ             මලක්

රවුළු ඡ්න්දස - නරඟරඟ විරිත ඇසුරෙන්)

විරිතේ ස්වභාවය
පාදයකට මාත්‍රා  19 කි 
ලඝු / ගුරු භේද නැත
පළමු මාත්‍රා 9 න් පසු යතිය තැබිය යුතුයි

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, March 21, 2026

ගං කොමළිය - (ශනිදා දහයට)

ඉපදුන ගම් පියසෙ තොරතුරු    මෙසේය
ඵලබර ලියැදි එහි තැන තැන       දිසේය
අඹ දඹ දෙළුම් නාරම් පිරි            රසේය
අග හිඟ ඇතත් සිත් සැමගෙම  තොසේය

වදුලෙහි සරන මුව රංචුව           දඟේය
එය දුටු මුවඟ මල් සිනහව         නැගේය
අපෙ ගම අපට සුරපුරයක්          වගේය
සසරෙහි පිනක් කර ඇති බව     හැඟේය

සුරතල් සිඟිති ළදරුව මව          ඇකේය
නිදුකින් වසයි නැත කිසි බිය       සැකේය
දෙගුරුන් නිසා මගේ රට නිති      රැකේය
සතුටින් කියමි ගං කොමළිය        ලකේය

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, March 14, 2026

ලබමු මොහොතක සුවය - (ශනිදා දහයට)

ලන්ද පිරිමැද හමන           සිසිලස
වින්ද මුවඟට නැඟුනි          මදහස
පුෂ්ප සහසක් පිරුණු        තුරුහිස
දැක්ක සඳ සිත නිවුනි       සරතැස

තුරින් තුර ඉඟිලෙනා       සියොතුනි
සුමුදු මලකට පෙ'බැඳි        බඹරුනි
වෙරළ සිඹිනා බුබුළු        කැටියෙනි
තෙපි ගෙ තුට දැක මහද     පිබිඳුනි

එතැයි ඔහු මෙහි නුදුරු       දිනයක
රැගෙන සෙනෙහස තරමෙ  වියතක
විඳිමු හද රැඳි මිහිර            හමුවක
ලබමු මොහොතක සුවය     සුසුමක

( දොඹ විරිත ඇසුරෙන්)

පාදයකට මාත්‍රා 14 ක් ඇත.
මෙහි ලඝූ ගුරු භේදයක් නැතිව මුල් මාත්‍රා 10 න් පසුව සහ නැවතත් 
ලඝූ ගුරු භේදයක් නැතිව මාත්‍රා 3ක් ද වෙයි  
ඉන්පසු පාදාන්තයේ ලඝු අක්ෂරයකින් පසු යතිය පිහිටයි.

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Saturday, March 7, 2026

මෙහෙම වේවි - (ශනිදා දහයට)

නේක පාට මල්   පිපේවි
සීත මාරුතේ     සැලේවි
පාව විත් හිතේ   රැදේවි
ශෝක මා ළයේ  නිවේවි

රාගයේ බිඟුන්    රඟාවි
පාට ලෝකයක්   මවාවි
ආදරේ කියා      කියාවි
ජීවිතේ තුටේ      ගලාවි

ප්‍රීති ගීතිකා        ඇසේවි
රෑට තාරුකා       පිපේවි
 මී බඳුන් මතින්     පිරේවි 
ජීවිතේ මෙසේ   ගෙවේවි

(අනුෂ්ටුප් ඡන්දස  - සමානිකා විරිත  ඇසුරෙන් )

විරිත හැඳින්වීම 
පාදයකට මාත්‍රා 12 කි.
ර ගණය, ජ ගණය  
ඉන්පසු ගුරු අක්ෂරයක් හා ලඝු අක්ෂරයකි. 
යතිය පාදාන්තයේ වෙයි 