Saturday, January 6, 2024

දෝණි 6 (ශනිදා දහයට)

කවි කතාව

පසුගිය කොටසෙන්.................

පණ හා දෙවෙනි කොට රැකි තම එකම     දරු
යවලා කොහොම වෙන ගමකට තිබෙන     දුරු
නැවතී දෙමාපිය සමඟම දිවිය                 තුරු
සිටිනා කෙනෙකුටයි ඇරයුම බොහොම     ගරු 

6 කොටස  

වතුපිටි හරක බානෙන් කිසි පලය             නැති
හොඳ හැදියාව යහගුණයෙන් සපුර          ඇති
දුසිරිත පුහුමාන බේබදු අධම                    ගති
ඇසුරෙහි නොරැදි කෙනෙකුට දොර විවර වෙති

දෙගුරුන් කැමති ගේ දොර වතුපිටි         යසට
රකිමින් තමන් සතු දෙය විඳිමින            සතුට
රැඳෙමින් ඔවුන් තුරුලෙම දරුවෙකු      ලෙසට
දැහැමින් විසීමයි ඇති නැති හැම            දිනට

නන් වෙස රැගත් මනමාලයො දැන්     ගැවසේ
ඉන් කිසිවකුත් නැත ඇයගේ සිත්         අහසේ
මව්පියො දෙදෙන දැරුවත් වෙහෙසක්  නිසිසේ
කෙල්ලගෙ කැමැත්තට ඉඩ නිතැතින්   සැලසේ


අවසන පැමිණි එක් අයෙකුට බැඳුණි       හිත
පෙර බව පුරා දැකි ලෙස හුරු පුරුදු       නෙත
හද පිරි පැතුම් ඇත ගන්නට ඔහුගෙ         අත
පැවසුවෙ තම සිතැඟි මවුනට නොමවි      ලත

මනමාලයද උගතෙකි ගැලපෙන            ඇයට
නගරේ විසල් ආයතනෙක යන              වැඩට
වටිනා වාහනය දිළිහෙනු ඇත                රතට
අඳිනා පිළිද පවසයි ඔහු ගැන              ලෙසට

මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 5 කොටසට 

👉 7 කොටසට 


~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

16 comments:

  1. බන්දා තොරන් ජයටම මගුලුත් කාලා
    කැන්දා යාවි එහෙනම් දෝණිව කුමරා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට. ඔව් ඔව් ඉක්මනින්ම මඟුල ගනීවි නේද?

      Delete
  2. දෙසිතක් තුටින් ගැළපෙන සුබ මොහොත වෙලා
    සතියක් හිදිමි ඉතිරිය කියවන්න බලා .

    ලස්සනයි
    ජයවේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබ ගේ ප්‍රතිචාරයට. ඔව් හරියට තව සතියකින් එන්නම් ඉතිරි කොටස අරගෙනම.

      Delete
  3. වෙන්දා වගෙම ලස්සනයි...රසවත්

    ++++++

    - Mayya

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට. කවි කතාව රසවිඳ ඇති බවක් දැනුනා

      Delete
  4. ගැටුම එන්නෙ බැන්දට පස්සෙ වාගේ, ඉඳල බලමු.

    ReplyDelete
    Replies

    1. බොහොම ස්තුතියි ඔබ ගේ ප්‍රතිචාරයට. ඔව් ඔව් ඉඳලා බලන්නකෝ

      Delete
  5. දැන් මේ කියන්නෙ පොඩ්ත්තක් අනුමත වෙන පිරිමි නරකයි කියල නෙමේ නෙ හිටං 😁🤭

    ReplyDelete
    Replies
    1. හපෝ නෑ. ඒත් ඉතින් මේක තමා දෙමව්පියන්ගේ විදිහ හිටං. බඳින කම් මෙහෙම උනාට ඊට පස්සේ නොවැ ඕව අනුමත කරගන්නේ.
      බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට

      Delete
  6. Replies

    1. බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට. මගේ නිවහනට ඔයාව ආදරෙන් සාදරෙන් පිලිගන්නවා.

      Delete
  7. මුල් කොටස් දෙක කලින් කියවා ඉන් එකකට කොමන්ට් කරා මතකයි, ඒකත් කොමන්ට් කන බ්ලොගර්/කැප්ට්චා යකා ගිලලා. ඔන්න අද ආයෙත් මුල් කොටසේ ඉඳන් කවිකතාව කියෙව්වා, ඒකනම් සුපිරි කවි ලියවිල්ලක්, බොහෝම ආසාවෙන් කියවන්න පුලුවන් කතාව. සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගල්මල් ඔබගේ ප්‍රතිචාරයට. බොහෝම ආසාවෙන් කියවන්න පුලුවන් කතාවක් නම් මගේ වෑයම චුට්ටක් විතර සාර්ථකයි කියලා සතුටු වෙන්නම්.

      Delete
    2. 'වී වේළුනි' කියා ඉස්සර කියා ඇත
      තුන් තේරවිලි දැන් අමතක වෙලා ඇත
      හංගන්නේ නැතිව කිවිඳිය ගොතා ඇත
      'අවසන පැමිණි එක් අයෙකුට බැඳුණි හිත'

      Delete
    3. බොහෝම ස්තුතියි නිදි.
      එකනේ . ඔන්න යාන්තම් කෙනෙකුට හිත ගියා කෙල්ලගෙ.
      දැන් ඉතින් මඟුලට ලෑස්ති වෙන්නයි තියෙන්නේ.

      Delete