Saturday, August 28, 2021

සඳු එපා මගෙ ලොවට

සඳු එපා මගෙ ලොවට

මැවු සිහින පොද තාම තනි රකියි මගෙ           හදට

ළඟ දැවටි කියු කතා සිහිව එයි දැනි             පෙමට

දින ගණන් මඟ බලා සිටිමි එන තුරු              පැලට

යලි දකින තුරු ඔයා මොටද පුන් සඳ             මෙමට

බැඳි සෙනෙහෙ බොඳ නොවෙයි සතුටකිය     ලන්වීම

යලි යලිත් දකින්නට මඟ බලයි                  තුන්යාම

නුඹ එදා මගෙ හිතත් රැගෙන                    හින්දාම

ළය දවයි දරාගනු හැකිද මෙම                  වෙන්වීම

මටම පමණක් උරුම බවකි හද           කොඳුරන්නෙ

උණු කඳුළු බිඳු ඔහේ නෙතු කොනෙහි      නළියන්නෙ

අද හෙටම එයි කියා දුකද තුනි               කරගන්නෙ

මදනලක ඔතා එව් හාදුවයි                    එයදන්නෙ

~~ ලියෝනි අමරතුංග හැමිල්ටන්~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

Friday, August 20, 2021

ගීතාවලිය 91

ගීතාවලිය 91 : 1 - 16

1 මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.

2 උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය;  මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.

3 මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශකරන වසංගතයෙන්ද නුඹ මුදාහරිනසේක.

4 උන්වහන්සේ ස්වකීය පියාපතින් නුඹ වසනසේක, නුඹ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂාවන්නෙහිය.  උන්වහන්සේගේ සත්‍යවාදිකම පලිහක්ය, මහා පලිහක්ය.

5 රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්,

6 අඳුෙර් යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් නුඹ භය නොවන්නෙහිය.

7 නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නෝය;  එහෙත් එය නුඹට ළං නොවන්නේය.

8 නුඹේ ඇස්වලින් බලා, දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය.

9 මක්නිසාද ස්වාමිනි, ඔබ මාගේ රක්ෂාස්ථානයය.  නුඹ මහෝත්තමයාණන් නුඹේ වාසස්ථානය කරගත්තෙහිය;

10 නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.

11 මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අණදෙනසේක.

12 ඔව්හු නුඹේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට නුඹ උසුලා ගන්නෝය.

13 නුඹ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය.  තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය.

14 ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි.  මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.

15 ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමග සිටින්නෙමි.  ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.

16 දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.

ගීතාවලිය
ශුඩවූ බයිබලය.

Saturday, August 7, 2021

ඉවසිලි සිත

 ඉවසිලි සිත

කෙලෙස දුක ඉවසමිද හදෙහි දොරගුළු       වසා
මතක පොත අතර මඟ පිටු පෙරළ තැබු    ලෙ
සා
කඳුළු බිඳු නෙත රැඳෙයි තනි නොතනි බව   නසා
නිහඬ බව විඳ ගනිමි අපි අපිට දුර              නිසා

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 

ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.