Saturday, August 28, 2021

සඳු එපා මගෙ ලොවට

සඳු එපා මගෙ ලොවට

මැවු සිහින පොද තාම තනි රකියි මගෙ            හදට
ළඟ දැවටි කියු කතා සිහිව එයි දැනි               පෙමට 
දින ගණන් මඟ බලා සිටිමි එන තුරු               පැලට
යලි දකින තුරු ඔයා මොටද පුන් සඳ             මෙමට

බැඳි සෙනෙහෙ බොඳ නොවෙයි සතුටකිය      ලන්වීම
යලි යලිත්  දකින්නට මඟ බලයි                  තුන්යාම  
නුඹ එදා මගෙ හිතත් රැගෙන ගිය                හින්දාම
ළය දවයි දරාගනු හැකිද මෙම                    වෙන්වීම

මටම පමණක් උරුම බවකි හද           කොඳුරන්නෙ
උණු කඳුළු බිඳු ඔහේ නෙතු කොනෙහි      නළියන්නෙ
අද හෙටම එයි කියා දුකද තුනි               කරගන්නෙ
මදනලක ඔතා එව් හාදුවයි                     එයදන්නෙ 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

 

No comments:

Post a Comment

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.