සුසුම් සැමරුම්
මතුවන උණුසුම්
සුසුමක ළබැඳුම්
සැඟවුන සුපැතුම්
ගෙනදුනි සැමරුම්
සුසුමක ළබැඳුම්
සැඟවුන සුපැතුම්
ගෙනදුනි සැමරුම්
පිය නගන සඳේ
නිති සැලෙන බඳේ
රැඳි නයන ළඳේ
ඔබ සමඟ ඇදේ
රතු මල් පිබිදුන
සුවඳින් හැඩවුන
සෙනෙහස රැඳවුන
මඟ සිත පිනවන
මතකයම ඉබේ
සෙනෙහසින එබේ
හදවතෙහි ගැබේ
සුරැකිවම තිබේ
( පිහිටි ඡන්දස - පියුමකර විරිත ඇසුරෙන් )
පාදයකට මාත්‍රා මත් 8 ක් තිබිය යුතුය.
විශේෂ ගුරු ලඝු භේදයක් නොමැත
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
ළඟදීම ඔබ හමුවට....
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
අලංකාරයි පදපෙල.
ReplyDelete"රැඳි නයන ළදේ" ද?
බොහෝම ස්තූතියි. සුපුරුදු ලෙන්ගතුකමින් මගේ නිවහනට පිවිසියාට.
Deleteඔව්.. මට වැරදිලා. ඔබ හරි ළඳේ තමයි.
ස්තූතියි එය පෙන්වා දුන්නාට. 🙏
ඒක බොහෝම සුළු දෙයක්. නියමිත විනිස ආවිට නෙවැ අරුත වගේම රිද්මය මතුවෙන්නේ.
Deleteමොනවා හරි ගීතයක ලදේ, ළඳේ වචන දෙකම කියවෙනවා. ගීතය මතක් වෙන්නේම නැහැ.
ඔව් විනිස හරියට යෙදුනෙ නැති උනහම මුලු තේරුමම නොපිට යනවා. මමත් සාමාන්‍යයෙන් මේ ගැන හරි උනන්දුයි. නිවැරදි තේරුම සමඟ නිවැරදි යෙදුම දෙන්න. ඒත් ඉතින් ඉඳලා හිටලා පොට පනිනවා නේ... 🙈. ඒක තමයි මෙතනත් උනේ.. 😁
Deleteලියෝනි, මටත් පෙනුණා පොඩි අඩුවක්. තරහ නැහැනේ කිව්වට.
ReplyDelete//සුසුමක ළබැදුම්// තැන ළබැඳුම් විය යුතුද?
අනේ තරහා නෑ.. වැරැද්දක් දැක්කොත් ඒක මට කියා දෙන්න මම සතුටෙන් බාර ගන්නවා.
Deleteබොහෝම ස්තූතියි. ඔබ හරි මෙතනදි ළබැඳුම් කියලා තමා යෙදෙන්න ඕනෙ.
මතුවටත් වැරද්දක් දැක්කොත් කියා දෙන්න.