කවි කතාව
පසුගිය කොටසෙන්.................
සිදුවුනු සියළු දේ නොම සඟවල ඇයට
පැවසුවෙ සිතට සුව සහනය ගනු ලෙසට
මදහස සමඟ සඟවා සිතුවිලි කවට
පියවර තැබුවෙ මම මුළුතැන් ගෙය දෙසට
11 කොටස
අම්මෝ.. වෙන්නෙ ඇයි මේ වගෙ වැඩ මෙමට
අල්ලපු ගෙදර හොර පූසිය පැන ගෙයට
ඉස්සෝ ගිළියි හොරැහින බලමින අවට
දුන් පාරටයි කැඩුනේ හැඳි මිට දෙකට
දුවනා කලට ඌ ගුටියත් කා ගෙනම
හැරුනේ තව එකක් දෙන්නයි තරහටම
එසැනේ සිහිනෙකින් වත් නොසිතුව ලෙසම
කැරකී බිමට වැටුනේ ලිස්සල මෙමම
කිසිවෙකු දුටුව දෝ කියලා හතර වට
දැනුනිය පුදුම ලැජ්ජාවක් අනේ මට
පිරිමැද තුනටියත් දැනි වේදනා පිට
හනිකට නැගිට යලි උයනා පිණිස බට
අමුතුම රළු වු කර සුවඳකි මතුවූවේ
එසැනින ලිපේ තැබු බත් එක සිහිවූවේ
කැළබිළි සිතිනි නෑඹිලියට අතපෑවේ
දැවෙමින ඇඟිලි එය බිමටයි පතබෑවේ
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
ටිකක් දිගට ලියන්නකො කියෝගෙන යන්න, පුසට ගහපු කරුමෙ නම් දිට්ඨධම්ම විදිහට පල දීල මනමාලිට
ReplyDeleteබොහොම ස්තුතුයි ඔබගේ ප්‍රතිචාරයට,
Deleteහුඟක් අය කවි ගයන්න අකමැතියි. එකයි ටික ටික දමන්නේ.
සමාවෙන්න ඔබගේ රසවින්දනයට භාදාවක් උනානම්.
✍👌❤️......
ReplyDeleteඉඩ තියෙන වෙලාවක අනෙක් බ්ලොග් එහෙමත් කියවන්ට එන්නකෝ....
Deletehttp://nidigepanchathanthare.blogspot.com/2022/03/blog-post_24.html
Deleteබොහොම ස්තුතුයි ඔබගේ ප්‍රතිචාරයට,
Deleteඔබගේ බ්ලොග් එකටත් මම ගොඩවෙනවා. රසකතා තමා මගේ ආසම අංගය. තව රසට ලියන්න හොඳට හිනාවෙන්න. බොහොම ස්තුතියි.
Deleteඔය නිදිගෙ පංචතන්තුරේ රසකතා ඕනෑ තරං තියේ.. ගොහින් ඒවත් බලන්ට.
Deleteබැලුවා බැලුවා නමියෝ.. හරිම අපුරුයි.
Delete👍👍👍.....
Delete