පසුගිය කොටසෙන්.................
හනිකට ගිහින් කාමරයෙහි සැඟවීලා
ඇමතුම අරන් හොඳ හැටියට හැඩදාලා
සිදුවුන හදිය කොහොමෙන් හරි ගලපාලා
පැවසුවෙ රහට ලුණු ඇඹුල ද තවදාලා
10 කොටස
"ඉයවිලි පිහිලි කොයි වැඩටත් දෙඅත හුරූ
කියමින නොයෙක බේගල් ඇදබෑම මරූ
ගියවිට උයන්නට බඩු දී දුටුවෙ තරූ
මගෙ සිත දැවෙයි ඔබෙ සහයක් ලැබෙන තුරූ"
"නොකරම හිටිය නම් පොඩි බොරුවක් එහෙම
වයසට යනව නෙව සදහට ගේ තුළම
සිහිකර බලමු දැන් කළහැකි දේ හොඳම "
පැවසුව වදන් පිනවිය මගෙ තුන් සිතම
කෙරුවත් බොරුව ආදර මව් පියන් හොඳයි
නිතියෙන් මගේ සහයට හඬ අවදි කරයි
කොහොමින් කොහොම හරි නිසි විසදුමක් යොදයි
මෙලසින් හැඟෙද්දී සිත බඩ පිනුම් ගසයි
සිදුවුනු සියළු දේ නොම සඟවල ඇයට
පැවසුවෙ සිතට සුව සහනය ගනු ලෙසට
මදහස සමඟ සඟවා සිතුවිලි කවට
පියවර තැබුවෙ මම මුළුතැන් ගෙය දෙසට
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
✍👌.....
ReplyDeleteහෑ... බඩ පිනුම් ගහන කාලයක්ද ඕක😄
හපොයි ඔය කිව්වේ ඉතින් කතාවක් .. :-)
Deleteඅන්තිමට නීතියෙන් තමා හැමෝම විසඳුම් හොයන්නෙ නේද
ReplyDeleteඔව් එහෙම වත් කරල බලමු නේහ්..
Delete