කවි කතාව
පසුගිය කොටසෙන්.................
වම්බටු කපා ඒ ටික වතුරට දැමුවා
ඉස්සොද නැටි කඩා කරවිල පෙති කැපුවා
පොල් ටික ගාල හාලුත් හනිකට ගැරුවා
පැත්තක තියා මොනවා කරමිද සිතුවා
8 කොටස
දමලා සහල් ටික කට ලොකු හැලියකට
පුරවා වතුර නෑඹිලියට ගෙන හොඳට
තියලා ලිපෙන් කහ, ලුණු හලලම එමට
අවුලා දැමුවෙ නිවසෙදි දැක හුරු කමට
කහ ලුණු දැමූ පමණින් බත රස වෙයිද
පපඩම මොකට වැඩි තෙල අගුණයි නොවෙද
මොනවද මෝජු ඒවා පෙර දැක තිබෙද
කිසිවකු නොමැත සහයට මා හට සුහද
ලතවන කලෙහි සිත මහ අවුලක හිරවී
හදවත සතුටෙ කිමිඳුනි අම්මව සිහිවී
ගෙතුළට පය තැබුවෙ දුරකතනෙට බරවී
විසිතුරු බඳුන පෙරළුනෙ යන මඟ හමුවී
මගෙ කල හොඳය නැන්දම්මා ටවුමෙ ගියා
හනිකට ඇඳුනි ලිසි අක්කා ලෙසට නයා
පිහිදල පොලොව මල් අහුලල පසෙක තියා
බැලුවනෙ රවල තව මොනවද රහසෙ කියා
මතු සම්බන්ධයි......
✍💔👍👍
ReplyDeleteඅනික් ලෝක යුද්ධෙ මෙතැනින්ද ආරම්භ වෙන්ටෙ...
බොහෝම ස්තූතියි ප්‍රතිචාරය ට.
Deleteහම්මේ කියලා වැඩක් නෑ ඉටිම්.. 🙈
මේ කයි කොලය අතරේ වෙන මක්ක හරිත් ලියන්ට... නැහ්නං මේකම විතර නොවැ
Deleteමොන වගේ දෙයක් ද හොඳ? මම ලිවීමට නම් එතරම් දක්ෂ නෑ. පද හදන්න විතරයි දක්ස ඈ. 🙈
Deleteඅෆොයි...
Deleteකෙටි කතාවක්, ජීවිතේ කතාවක්.... ඕන දෙයක්. ලියන්ටද දේවල් නැත්තෙ. අපෙ නිදිතුමාගෙ අඩවිය බලන්ටකෝ. උන්ද යසඅගේට ලියන්ටේ
http://nidigepanchathanthare.blogspot.com/2022/03/blog-post.html
බොහෝම ස්තුතියි අදහසට. මම හිතල බලන්නම්. කාල වේලාවත් අඩුයි නොවැ මට.
Delete