පසුගිය කොටසෙන්.................
මගෙ කල හොඳය නැන්දම්මා ටවුමෙ ගියා
හනිකට ඇඳුනි ලිසි අක්කා ලෙසට නයා
පිහිදල පොලොව මල් අහුලල පසෙක තියා
බැලුවනෙ රවල තව මොනවද රහසෙ කියා
9 කොටස
"සුදු නෝනා කොහෙද මේ දුවගෙන යන්නේ"
ඇසුවිට දෙපය පණ නැති වූවා වැන්නේ
"දුරකතනයේ හඬටයි ගන්නට පැන්නේ "
කැළඹුණ සිතින එහෙමයි පිළිතුරු දුන්නේ
ලිසියද එනව වාගේ දෙන්නට ගේම
සිතටද නුහුරු වදයකි ඇගෙ හැසිරීම
පවසමි කෙලෙස අම්මා හට හැමදේම
ඉඳහිට පහව යනු තේරෙයි ඉවසීම
එනමුදු නොවළහා මව වෙත කිවිය යුතු
තනිවම දුකට වැටි මා පිලිබඳව තතු
අතහැර දමා පුහු මානය කෙනෙකු සතු
සිතනට කාලයයි යුග දිවි ගැනම මතු
හනිකට ගිහින් කාමරයෙහි සැඟවීලා
ඇමතුම අරන් හොඳ හැටියට හැඩදාලා
සිදුවුන හදිය කොහොමෙන් හරි ගලපාලා
පැවසුවෙ රහට ලුණු ඇඹුල ද තවදාලා
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
No comments:
Post a Comment