- නිසල දෙපයට සවියක් වූ ආදරයක කතාව -
1 කොටස
දළුපොත නමිනි හෙළ දෙරණට සිරි මවපු
ඵලබර ගමකි සරු කෙත් වතු මැදි කරපු
තම දරු පැටව් හා නිදුකින් දිවි ගෙවපු
පවුලකි වැජඹුණේ සෙනහස නිති විඳපු
පැසසුම් ලබා සිප් නැණයෙන් ලොව දින්න
කුසුමන් ලෙසට එක ඉත්තට බර දුන්න
දුටුවන් සතුටු වන යහගුණ නිති දන්න
දරුවන් අඹරෙ සුදිලෙන රන් තරු වැන්න
එක එක දරුව තම කල වයසද සපිරු
හෙළ කුල සිරිත මත බැඳ ආදර පවුරු
තනනට කැදැලි සුවඳැති කුසුමෙන ඇතිරු
ඉඟිළල ගියේ තුටු කඳුළිනි නෙත ඉතිරු
අද මෙම කතාවේ මුලසුන අර ගන්නි
එම නිවසෙහිම විසු බඩපිස්සිය වන්නි
හරි හැඩකාරි ගමටම සිරි ගෙන එන්නි
දුටු වන සිත් සතන් නිතැතින් බැඳ ලන්නි
වත පියකරුය සමවෙයි පුන්සඳ සොඳුරු
දිදුලන නයන පරදයි විකසිත තඹරු
දෙබැමද වැනිය ඉඳුදුනු නිලඹර ඇතිරු
සුරලිය පරදවන යුවතිය හරි මියුරු
මතු සම්බන්ධයි......
👉 2 කොටස බලාපොරොත්තු වන්න.
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
බොහෝම අලංකාර පද තේරීම හා එකතුව. නීති රීති, විරිත අර්ථවත්ව වගේම අලංකාරව රකින්න ඔයා බොහෝම දස්සයි. ලස්සන කවි කතාවක් කියවන්න පුලුවන් අපිට, ජය!
ReplyDelete