Saturday, October 31, 2026

කවි කතාව - සෙනෙහසේ විරාජිත ගමන 3 - ( ශනිදා දහයට)

 - නිසල දෙපයට සවියක් වූ ආදරයක කතාව -




පසුගිය කොටසෙන් ..... 

ඉඳහිට මඟ තොටදි දෙදෙනම        හමුවන්නා
නෙක රස මියුරු පද සවනත         මුමුනන්නා
වැඩිහිටි අයගෙ ඔවදන් නොම        සිහිවන්නා
මෙලෙසට සොඳුරු පෙම් හබයක   පැටලෙන්නා
  
3  කොටස  

රකිනට උපන් දෙස සිව් කොණ මුර   කෙරුවේ
දකිනට ඇයව එනු නොහැකිය හැම    වරුවේ
තනිහිත ළඟම දුරකතනෙකි නිදි       වැරුවේ
එනමුදු බැඳුණු පෙම නොබිඳෙන ලෙස දැරුවේ




කාලය ගෙවෙත් මව් පිය කණ වැටුණි     මෙම
ආලය ඔවුන් රහසින් රැකි දිනෙක          හැම
අගනෙය රසට මුහුකළ විට බිඳුව          අම 
දිවි හිමියෙන්ම රැකගන්නට රිසිය         පෙම
 
දිනු බිම පුරා වෛරය ඇත            දළුලාලා
යුද පිටියක්ව සැම තැන බිය          පැතිරීලා
අවි අත දරා රැකුමට තම              ළයදීලා
යුහුසුළු වුණේ සෙබළුන් නැත         පසුබාලා


උතුරට යන්න විය නෙතු කඳුළැලි      උසුලයි
දුරකතනයක පහසින් සෙනෙහස       ලියලයි
ගතවුණු මාස ටික කල්පයකට         ඉහළයි
නැත හමු වුණේ පෙර මෙන් සිතුවිලි   සසලයි

සිතමින් නිබඳ ඔහු ගැන හද     ලතවෙන්නේ
මවමින් වියරු ඡායා මන          කලඹන්නේ
සිටිමින් අවදියෙන් සැම දෙවි       අයදින්නේ
සිහිනෙන් ළඟට විත් ඉඳහිට    කොඳුරන්නේ



 

මතු සම්බන්ධයි...... 

👈 2 කොටසට 

👉 4 කොටස  බලාපොරොත්තු වන්න.


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. (මෙහි අන්තර්ගත සිතුවම් AI තාක්ෂණය භාවිතයෙන් කළ නිර්මාණ වේ). මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

No comments:

Post a Comment