Friday, March 25, 2022

අලුත ගෙනා මනමාලි 11

 කවි කතාව

 
 

පසුගිය කොටසෙන්.................


සිදුවුනු සියළු දේ නොම සඟවල                ඇයට
පැවසුවෙ සිතට සුව සහනය ගනු             ලෙසට
මදහස සමඟ සඟවා සිතුවිලි                    කවට
පියවර තැබුවෙ මම මුළුතැන් ගෙය          දෙසට


11 කොටස  

අම්මෝ.. වෙන්නෙ ඇයි මේ වගෙ වැඩ   මෙමට
අල්ලපු ගෙදර හොර පූසිය පැන            ගෙයට
ඉස්සෝ ගිළියි හොරැහින  බලමින            අවට
දුන් පාරටයි කැඩුනේ හැඳි මිට              දෙකට

දුවනා කලට ඌ ගුටියත් කා                 ගෙනම
හැරුනේ තව එකක් දෙන්නයි           තරහටම
එසැනේ සිහිනෙකින් වත් නොසිතුව       ලෙසම
කැරකී බිමට වැටුනේ ලිස්සල               මෙමම

කිසිවෙකු  දුටුව දෝ කියලා හතර             වට
දැනුනිය පුදුම ලැජ්ජාවක්  අනේ               මට
පිරිමැද තුනටියත් දැනි වේදනා                පිට
  හනිකට නැගිට යලි උයනා පිණිස             බට  

අමුතුම රළු වු  කර සුවඳකි               මතුවූවේ
එසැනින ලිපේ තැබු බත් එක             සිහිවූවේ
කැළබිළි සිතිනි නෑඹිලියට                 අතපෑවේ
දැවෙමින ඇඟිලි එය බිමටයි             පතබෑවේ

මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 10 කොටසට

👉 12 කොටසට

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

10 comments:

  1. ටිකක් දිගට ලියන්නකො කියෝගෙන යන්න, පුසට ගහපු කරුමෙ නම් දිට්ඨධම්ම විදිහට පල දීල මනමාලිට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතුයි ඔබගේ ප්‍රතිචාරයට,
      හුඟක් අය කවි ගයන්න අකමැතියි. එකයි ටික ටික දමන්නේ.
      සමාවෙන්න ඔබගේ රසවින්දනයට භාදාවක් උනානම්.

      Delete
  2. Replies
    1. ඉඩ තියෙන වෙලාවක අනෙක් බ්ලොග් එහෙමත් කියවන්ට එන්නකෝ....

      Delete
    2. http://nidigepanchathanthare.blogspot.com/2022/03/blog-post_24.html

      Delete
    3. බොහොම ස්තුතුයි ඔබගේ ප්‍රතිචාරයට,

      Delete
    4. ඔබගේ බ්ලොග් එකටත් මම ගොඩවෙනවා. රසකතා තමා මගේ ආසම අංගය. තව රසට ලියන්න හොඳට හිනාවෙන්න. බොහොම ස්තුතියි.

      Delete
    5. ඔය නිදිගෙ පංචතන්තුරේ රසකතා ඕනෑ තරං තියේ.. ගොහින් ඒවත් බලන්ට.

      Delete
    6. බැලුවා බැලුවා නමියෝ.. හරිම අපුරුයි.

      Delete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.