Friday, April 1, 2022

අලුත ගෙනා මනමාලි 12

 

 කවි කතාව


 

පසුගිය කොටසෙන්.................

 

අමුතුම රළු වු  කර සුවඳකි              මතුවූවේ
එසැනින ලිපේ තැබු බත් එක             සිහිවූවේ
කැළබිළි සිතිනි නෑඹිලියට                අතපෑවේ
දැවෙමින ඇඟිලි එය බිමටයි            පතබෑවේ



12 කොටස  


බත කර වෙලා බැහැ  කෑමට            අරගන්න
කඩිමුඩියේම සිදු විය එය                සඟවන්න
යුතුමය තව එකක් හනිකට             ලිපලන්න
එනමුදු සහල් නැත බැහැ දුක           ඉවසන්න

පසෙකට කරල බත් හැලියෙහි රළු        මතක
 සිදුවිය උයන්නට යලි ඉඳලම             කොනක  
පිළිතුරු ලැබෙන තෙක් මවගෙන් සිටි නොහැක
අවසන කුමක් වේදැයි නොසිතෙයි      සැමෙක

ඇතිලිය හෝදලා තුනපහ ටිකද               දමා
මිටි කිරි සමඟ ලුණු ගොරකද එයට    යොමා
ලිප මත තියල හෝදපු ඉස්සන්ද             නමා
හොඳ හැටි කූරු ගෑවේ තව නොකර        පමා

හනිකට ලිසී මුළුතැන් ගෙට දිව              ආවේ
භය වුන තරම ඇස් දෙක නලලෙහි         වූවේ
කලබල ගතියකිනි එහෙ මෙහෙ නෙත    පෑවේ
"අයියෝ...අලුත් නෝනේ..” යැයි මොර  ගෑවේ 

 

මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 11 කොටසට

👉13 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

4 comments:

  1. ලිසී... ගමනටම නිව්ස් එක බෙදයි වගේ.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.
      අනේ මන්ද ලිසී තමා අනේ උනේ.

      Delete
    2. මේ හිනා කතාවක්...
      https://nidigepanchathanthare.blogspot.com/2022/04/blog-post.html?showComment=1648899635873#c2580681266360097066

      Delete
    3. කතාව බැලුවා එක්ක මම හිතන විදිහේ හිනා යන කතාවක් නෙමෙයි. ඒත් ඒ තරුණයාගේ ජීවිතය දිනාගැනීමට ඇති ආසාව මුවගට පුංචි ආදරණිය ලෙන්ගතු සිනහවක් මතුකළා. ඔහුටත් මෙය අකුරු කල ඔබටත් සුබ පැතුම්.

      Delete

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.