Friday, April 29, 2022

අලුත ගෙනා මනමාලි 16

 

 කවි කතාව




 

පසුගිය කොටසෙන්.................



"හනිකේ ලිසී එහෙනම් උයලා                ගන්න
   යනවා මමත් ඇඟපත සෝදා               ගන්න
"
හැරුනේ යලිත් උඩුමහලට දිව               යන්න
දුටුවේ නැන්ද අම්මයි පරලව                  ඉන්න


16 කොටස  


"මොකදෑ අලුත් මනමාලිට මෙහෙම     විසේ
බිඳ යස වළඳ ඉස්සන් තුන් හතර         දෙසේ
    ඔය වැනි ගැහැණු  ලමයින් වටිනවද කෙසේ
"
දැමුවේ ගෝරනාඩුව ඔරවමිනි              එසේ

දැනුනේ හුස්ම ටික නතරව ගියපු         ලෙසේ
සිතුනේ  හඬන්නට පොඩි දැරියකව       රිසේ
පොළවේ තිබුන ඉස්සන් දැක රුදුරු      වෙසේ
දෙඩුවේ හඬද උස් කර බිඳ හදෙහි     තොසේ

අමතක වුනිය හදපතුලෙහි ඉකි              ලෑම
බටු ටික දැමූ වතුරෙහි පිහිනයි               තාම
"අහුලල ගනින් ඉස්සන් බිම වැටි             සෑම"
අණදෙන නිලදරුව මෙනි ඇගෙ මොර    ගෑම

මුළුතැන් ගෙදර ජරමර නැත       නිමවෙන්නේ
වතුරෙන් පෙඟුන බටු කොහොමද   බැදගන්නේ
කඩිනම් කරල මේ නිවසින්            පැනගන්නේ
නොමැතිව තවත් ඇයිදෝ මා       ලතවෙන්නේ


මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
 

4 comments:

  1. අයියෝ ඕවට පරල වෙලා ගෙදරින් ගිහින් හරියනවෑ......

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කමෙන්ට් එකට. එත් ඉතින් බනුම් අහනවාට වඩා ඒක හොඳ නැද්ද අප්පා.

      Delete
  2. මුළුතැන් ගෙදර ජරමර නැත නිමවෙන්නේ
    වතුරෙන් පෙඟුන බටු කොහොමද බැදගන්නේ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අනුරුද්ධ ඔබට. අනේ මන්ද හරිම ප්‍රශ්නයක් නෙ උනෙ මට. කව්ද හිතුවෙ නැන්දා මුලු කුස්සියම බාර දීල යයි කියලා.

      Delete