කවි කතාව
කවි කතාව
පසුගිය කොටසෙන්.................
මතකෙට නගනු බැරි කලබලය කි ඇතුවා
වචනද අමුනමින නෙතු නලලෙහි ඉඳුවා
ලිසියද යමක් කීමට වට පිට බැලුවා
මගෙ ඉවසීම වැට පැනුමට වෙර දැරුවා
14 කොටස
"නෑ නෑ නෝනෙ අහගන්නකො අද උදයේ
මාතර අම්ම ලෙඩ වී ඉවසනු බැරියේ
රෝහල කරා ගෙන ගිය බව කඩි මුඩියේ
කීවනෙ මැණික දුරකථනෙන් ලහි ලහියේ "
"මොනවා....! ලිසී මගෙ අම්මට මොකද උනේ
නොමැතිව මෙමා සහයට නැත කෙනෙකු අනේ
කෙලෙසද දරනුයේ තුන් සිත දැවෙනු දැනේ"
පැවසුවෙ වියරුවෙන් හද තුළ ඉපිද සෙනේ
හදවත මගේ හත් පොලකට බිඳ වැටුනා
ඇගෙ සුදු මුහුණ සිහිවී නෙතු බොඳ කෙරුනා
අමතපු වෙලාවේ පවසන්නට තිබුනා
ලෙඩෙකුට වද කරපු වරදට ඉකි බිඳුනා
උයනා ගෙයට ඇහැ යැව්වට දුකෙන් වගේ
හැඩිවී ඇති තරම දුටුවම පිස්සු වගේ
හකුලා දෙබැම තරමක් දුක මවන් වගේ
ලිසියා දිහා බැලුවේ හඬමින්ම වගේ
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
No comments:
Post a Comment