Friday, October 31, 2025

දෝණි 13 (ශනිදා දහයට)

 කවි කතාව

පසුගිය කොටසෙන්.................

දහබිඳු හෙලා ගොණු කළ වත්කමෙ     කුසුම
මිලකර ගැනුම පහසුය නොමැතිව        සුසුම
එනමුදු මව්පියගෙ ඒකායන                පැතුම
රැකගෙන සැප විඳීමයි දිවි ඇති           තුරුම

13 කොටස  

"දරුවනි කිමද මේවා නැතිකර             ගන්නේ
වටිනව නොවෙද  මතුවට එය         සුරකින්නේ
පරදෙස නොගොස් හැකිනම් මෙහි නවතින්නේ"
සැම විට මව්පියන් ඔවුනට             පවසන්නේ

පවරන ලදුව දේපළ දරුවගෙ               නමට
බැහැනොවැ යලිත් කර පොවනට එම   දෙසට
එනමුදු ඔවුනගේ කඳුළැළි පිරි            නෙතට
වැළපෙනු මිසක විසදුම් කොයිබ ද        දුකට

මෙවැනි වු පින් බිමක් සක්විති ගලෙනි     පෙරා
සෙවුමට හැකිද පිහිනා සාගරය               ඉරා
නෙක ඵල වැලින් යුතු පෝශිත වසර         පුරා
හිනැහෙන කෙත් වතුද දියඇලි කොමළි    දරා



රට දැය නගන්නට ඔවුනට නොමැත      සිතක්
ඉඟිළිල යන්න ඇත ලොකුවට ඕන         කමක්
සිහිනය කෙලෙස හෝ මල්ඵල ගැනෙන හෙටක්
පිලිබඳ තැවි තැවී තුන්සිත විඳින            දුකක්
  
කොටසකි වත්කමෙන් දැවුනේ අධි         මිලක
ඉතිරිය සුරැකුනේ ගැනුමට මතු            දිනෙක
ලියවිලි නිම වුනේ සැම දෙවි වැඳ           හනික
ගුවනට මුසු කලේ හද බැති බර           ලෙසක


මතු සම්බන්ධයි......

~~ ලියෝනි අමරතුංග ~~

👈 12 කොටසට

~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

1 comment:

  1. රට දැය රකින්නට කියලා හිටියාට
    රස්සා දුන්නේ චිත එකකට නොම වේද
    නැත්නම් තානායමේ ඈ වැලපෙන්නට නොවේද
    රට ගිය නිසා බේරුනා වෙන්නට බැරිද

    ReplyDelete