📞 හලෝ ...
ආ ඉතින් කොහොමද සැප සනීප .. මොකද සද්දයක් වත් නැත්තේ කියලා බැලුවා ...
මොකෝ බ්ලොග් එකට උනේ කාලෙකින් ලියලා නෑ නේද?
ආ... අනේ බොහොම ස්තුතියි කතා කලාට. ඔව් ඉතින් ආයෙම ලියන්න ගන්න ඕනේ.
ඒත් ඉතින් ......
කොහෙන් පටන්ගන්නද කියලා මටම හිතාගන්න බැරුවයි මේ ඉන්නේ.
ආ ඒ ගැන වැඩියේ හිතන්න එපා.
අපි නවත්තපු තැනින් පටන් ගමු කෝ ඈ ..
හරි හරි මම උපරිම උත්සාහ කරනවා හැකි ඉක්මනින් ලියන්න පටන් ගන්න.
බොහොම ස්තුතියි
~~~~~~~~~~~
මගේ හිතාදර රසික රසිකාවියනි යහළු යෙහෙළිය නේ, අවුරුද්දකටත් වඩා වැඩි කාලයකට පසු නැවතත් ඔබ සැමගේ නිර්මාණ රස විඳීමටත් .. මගේ නිර්මාණ එළි දැක්වීමටත් ඉතා සුදුසු තෝතැන්නක් වන මගේ බ්ලොගයට ගොඩ වදින්න අවසර......
ඔබ සැමගෙන් සහ ලිවීමෙන් ඈත් වී සිටිය ඒ කාලය තුළ මා ලබපු ඉතාම ශෝකජනක සහ සතුටුදායක අත්දැකීම් හා ඒවා මගේ ජිවිතයට ඇතිකළ බලපෑම් ද බොහෝය. ඒවා සමහරක් මගේ ජීවිතයට මෙතරම්ම බද්ධ වී ඇති බවක් වටහා ගන්නා විට සියල්ල සිදුවී හමාරය. මෙවන් තත්ත්වයක් යටතේ මට මානසිකව සුවපත් විය හැක්කේ මෙවන් නිර්මාණ එළිදැක්වීම තුළින්ම බව වටහා ගනිමින් නැවතත් සෑම සතියකම ශනිදා 10 ට මෙසේ ඔබගේ නිවහනට ගොඩ වදින්නට තීරණය කලෙමි.
මේ සඳහා මේ බ්ලොගය තුළම සැරිසරන මගේ දයාබර යහළු මිතුරු කිහිප දෙනෙකුගෙන් ලද දිරිගන්විමද මෙහිදී සදහන් කල යුතුමය.
ඉහතින් මා සදහන් කලේ එවන් දයාබර ඇමතුමක කොටසකි.
ඒ සැමදෙනාටම ස්තූතිය පළකරමින් ඔබ සැම දෙනාටමත් මගේ ආලින්දයට ගොඩ වන්නට පුද කරන සුහද ඇරයුමයි මේ ...
මතකනේ මගේ දෝනි කවි කතාව. ඒකත් අතර මඟ නැවතුනා. දැන් ඉතින් ඒක ආයේ ලියන්න ගන්න කාලේ හරි. . ඒකෙ කොටස් 10 ක් පල කළා. දැන් ඉතින් 11 වෙනි කොටසට තමා යන්න ඕනෙ. මතකද කතාව .....
හරි... අන්තිමට අර ඉස්කෝලේ ගුරු යුවලට ලැබුන දරුවා උස් මහත් වෙලා යුග දිවියටත් පිවිසුනා නේ. මම කතාව නවත්වද්දී ඒ දෙදෙනාට පුංචි කෙලි පැටියෙක් ලැබුනා විතරයි. එහෙනම් ඒකත් දිගටම අරගෙන යමුකෝ. මම නැවත කතාව දමන්නම් නවත්වපු තැන ඉඳලා ම. ඒ කතාව තුළ මෙතෙක් කල් මා සමඟ රැදී සිටි ඔයාල හැමෝටම ස්තුතියි.
No comments:
Post a Comment