Saturday, May 16, 2026

මගෙ දියණි - (ශනිදා දහයට)

දියණි මගෙ කුසුමක්,  දිවියටම          අවියක්

ලැබුන නව දෙනෙතක්, එහි නොමැත සැකයක්

අමාවක අහසක්, එළිය කළ              තරුවක්

තව මොටද පහනක්, නිවසටම           සිරියක්


දිවි මඟට අරුතක්, විඩා නිවි              පවනක්

ගියද දිගු ගමනක්, ගෙනෙයි මට         සවියක්

නෙත පිනන දසුනක්, ඔප දමපු        මැණිකක්

කියමි පොඩි රහසක්, මලකි මැද        උයනක්

~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

4 comments:

  1. දියණියට සුදුදු ලස්සන පද වැලක්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබට. මගේ සිතිවිලි නිවසට පිවිස සටහනක් තැබීම සම්බන්ධ ‍යෙන්.

      Delete
  2. අපූරුවට ලස්සනට ගළපා රසවත් අයුරින් ලියා තියෙනවා ...සිතුවිලි සේයා ඉතාමත් අගෙයි ...

    ReplyDelete
    Replies
    1. බොහෝමතම ස්තුතියි ඔබ තුමාට මගේ සිතිවිලි නිවසට පිවිස සටහනක් තබා ගියාට.

      Delete