රහසින බාල කාලේ සිට පෙම් බැන්ද
සිතිවිලි ගඟේ පිහිනා සතුටකි වින්ද
සහසකි පැතුම් ගොනුකල නොමැ තිව නින්ද
නුඹ හද රිදී මා මඟහැර යනු මන්ද
කෙළිලොල් වියේ සිටි ඔබ හරි දඟමල්ල
නව යෞවනය එලබී වුනෙ හැඩමල්ල
විසිතුරු වදන් සැමටම බෙදු රසමල්ල
සිතුනෙම මෙමට ලැබුනා යැයි ජයමල්ල
හද තුල නිමක් නෑ සෙනෙහේ ඉතිරිල්ල
වලකනු කෙලෙස හද දවනා මැසිවිල්ල
පෙර ලෙස නොවේ දැන් නුඹ ගේ සැලකිල්ල
නෙතු යුග බොඳ කරයි නැගෙනා කදුලැල්ල
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
ඒක රසයි වගේම සුන්දරයි.
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබගේ නිහතමානී ප්‍රතිචාරය ට. 🙏
Delete+++++++++++++++👌💐
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබගේ නිහතමානී ප්‍රතිචාරය ට 🙏
Delete