Saturday, May 9, 2026

මයෙ මැණික නන්දා - ( ශනිදා දහයට)


හදවතෙහි ගැස්මක් 

ඇති කරවනා බැල්මක් 

ලදිමි නව හුස්මක් 

ළඟ දැවටි විට දැනෙයි ගැම්මක් 


ලොව දිනුව වාගේ 

පෙමැති නුඹ දැන් මාගේ 

රජ නොවුනි රාගේ 

ඉතින් සරුමය අපගෙ දීගේ 


පැළඳ රන් තෝඩූ 

සිනහ පා කිරි කෝඩූ 

නිවසෙ අඩු පාඩූ 

මකයි සුවඳින් පිසින නාඩූ 


සිරිදුව ද කැන්දා 

මැඩ සියලු දුක් නින්දා 

මයෙ මැණික නන්දා 

දවසෙ දෙවරක් බුඳුන් වැන්දා  

( මහ පියුම් ගී විරිත ඇසුරෙන් ) 


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

12 comments:

  1. සින්දුව මරු (කවියකට වඩා සින්දුවක් වගේ . ) හැබැයි උපහාසත්මකයි කියලා හිතුනා -//රජ නොවුනි රාගේ

    ඉතින් සරුමය අපගෙ දීගේ

    ReplyDelete
    Replies
    1. 😁😁. රාගය ඕනවට වඩා වැඩි උනාමත් දීගෙ සරු කරගන්න බැරිවෙනවා කියලා කොහේ හරි තියෙනවා දැකලා තියෙනවා.. ඒකයි එහෙම ලියුවෙ.
      අකුරක් නෑරම කවි රාස විඳීම ගැන සතුටුයි. බොහෝම ස්තූතියි 🙏

      Delete
  2. ශනිදා දහයට ලියන එක අගේ කරනව... හිටං 😁

    ReplyDelete
    Replies
    1. අගෙයි කවිය... 💔

      ගෙයි අඩුපාඩු තියෙන අතරේ රන් තෝඩු පැළඳලා ඉන්නෙ කියලත් කියනව! හුම්: ඒකට මොකැ, බාගෙට හදපු ගෙවල්වල අඟල් 42 ස්මාර්ට් රූපපෙට්ටිත් තියෙනකොට නේ 😆

      Delete
    2. හ්ම්... ශනිදා දහයට ලියන්න හිතුනා... බලාගෙන යද්දි මම විතරද ශනිදා දහයට ලියන්නේ.. කීප දවසක් ම මම බැලුවා කියවන්න හිතිලා . ඒත් යාලුවන්ගේ පෝස්ට් දැක්කෙ නෑ.
      බොහෝම ස්තූතියි මගේ නිවසට ගොඩ වැදුනා ට. 🙏

      Delete
    3. ඔව් ඉතින් මොන ප්‍රශ්න තිබුනත් රන් තෝඩු දෙකක් කනේ නැති ගෑනු පරාණයක් හොයන්න නෑ නේ අප්පා. 😁

      Delete
  3. බුදුන් වැඳීම ටිකක් අඩුකරා නම් රාගය රජකරගන්න තිබුනා!

    ReplyDelete
    Replies
    1. එහෙම බෑ.. රාගෙ බැලන්ස් කරගෙන යන්නේ 😁😁. නැතිනම් කොහෙද ඉතින් මෙලහකට මඟුල කැඩිලා ඉවරයි. ඔය රාගෙ කියන එක වැඩි වෙලාත් බෑ අඩු වෙලත් බෑ.. නියමීත මාත්‍රාවකට අනුව තියෙන්න ඕනේ.. මගේ කවි වල වගේ.. 🙈

      Delete
  4. රාගය නම් රජනොවිත් බැරිය
    එහෙම උනොත් වෙන්නෙ හරි හරි වැඩය

    ReplyDelete
    Replies
    1. අපුරු පද පේලි දෙකක්. බොහොම ස්තුතියි මගේ සිතිවිලි නිවහනට පැමිණ සටහනක් තබා ගියාට.

      Delete