Saturday, December 23, 2023

සුබ නත්තලක් වේවා. (ශනිදා දහයට)

සාමය සතුට සෞභාග්‍යය පිරි සුභ නත්තලක් වේවා !


බෙත්ලෙහෙමේ සිසිලෙ.....

 එක දිගටම මගේ කවි කතාව බලලා මගේ යාලුවෝ හැමෝටම ටිකක් මහන්සි ඇති කියලා හිතුන නිසා අද පොඩි වෙනසක් කරන්න ඕන කියල මට හිතුනා.

හරියටම තව දවස් දෙකකින් ඒ කියන්නේ දෙසැම්බර මාසේ 25 වෙනිදාට ලොවට සාමය උදාකළ ජේසු බිලිඳුගේ උපත සමරන්න අපි හැමෝම බලන් ඉන්න නිසා ඒ සම්බන්ධයෙන් මොනවා හරි කළානම් හොඳයි කියලයි මගේ හැඟීම 

ඒක නිසා කාලෙකට ඉස්සර මම රචනා කරපු නත්තල් ගීතිකාවක් ගෙන එන්න හිතුනා.

මේ ගීතය නිර්මාණය වුණේ කැනඩාවේ තිබුන  කලා කවය කියන වැඩසටහනට. 

මෙම ගීතයට සංගීතය නිර්මාණය කළේ තිස්ස ගුණසේකර කියන කැනඩාවෙම අපිත් එක්කම ජීවත් වෙලා ඉන්න අපේම සහෝදරයෙක්. 

ඒවගේම ගීත ගායනයෙන් සහභාගී වුණෙත් කැනඩාවේ හැමිල්ටන් නගරයේ ජීවත් වෙන අපේම යාලුවෝ කිහිප දෙනෙක්.  

එහෙනම් ඉතින් ඔයාල ගීතය රසවිඳ  ඔයාලගේ හිතට දැනෙන මොනා හරි දෙයක් අපිටත් කියන්නකෝ ඒක දැනගන්න මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා.

බෙත්ලෙහෙමේ සිසිලේ.....

( බෙත්ලෙහෙමේ සිසිලේ
මරිය මව් තුරුලේ
ගවහල තුළ දි උදුවප් මාසෙ
නැළවෙයි දෙව් බිළිදා ) //

රන් තරුවක් අඹරේ දිලුනා
සුපුවත ලොව වෙත පතුරා
සව් සත හට සාමය බෙදනා 
දෙව් බිළිඳුන් ලෝ දිනුදා

බෙත්ලෙහෙමේ සිසිලේ
මරිය මව් තුරුලේ
ගවහල තුළ දි උදුවප් මාසෙ
නැළවෙයි දෙව් බිළිදා

රජවරු ගොපළු රෑන් ඇඳුනා
සතුටින් සිත් පිපුනා
සුවඳ ලාටු රන් දුම් රැගෙනා
නිරිඳුන් වැඳ පිඳුවා

( බෙත්ලෙහෙමේ සිසිලේ
මරිය මව් තුරුලේ
ගවහල තුළ දි උදුවප් මාසෙ
නැළවෙයි දෙව් බිළිදා ) //
හිනැහෙයි දෙව් බිළිදා
නැළවෙයි දෙව් බිළිදා
හිනැහෙයි දෙව් බිළිදා 
~~
සංගීතය - තිස්ස ගුණසේකර 
පද රචනය - ලියෝනි අමරතුංග 
ගායනය - තිස්ස ගුණසේකර ඇතුළු පිරිස.
-  ගායන සහය  -
ලියෝනි අමරතුංග 
අසංගා බෝගෙදර 
මෙල්වින් විජේසුන්දර 
ක්වින්සි විජේසුන්දර 
මිල්ටන් වාසල 
නිමල් දිසානායක 
පර්සි ප්‍රනාන්දු



ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුභ නත්තලක් පතමින්ම මම නවතින්නම්.
🙏

16 comments:

  1. ගීතය අපූරුයි...ඔබටත් සුබ නත්තලක් වේවා..

    ReplyDelete
  2. තබන තබන පියවර ජය පැතිරේවා
    ලබන නත්තලේ සුව සෙත ඉතිරේවා...

    ජයවේවා !!!

    ReplyDelete
  3. සුභම සුභ නත්තලක්!
    නූඩ්ල්ස් රැල් මෙන් දිගින් දිගට රැලි නංවන සුභ නත්තලක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තට්ටයා මහත්තයෝ ඔබට. රැළි වලට ගත් උපමාව නම් අපුරුයි.

      Delete
  4. ලස්සන නත්තල් ගීතයක්. ඔබටත් පවුලේ සැමටත් සුබම සුබ නත්තලක් වේවා.

    ReplyDelete
  5. බොහෝම අලංකාර නත්තල් ගීතයක්.
    සුබ නත්තලක් වේවා!

    ReplyDelete
  6. ගීතය අපුරූයි...මගේ සිත ගත්තේ හීතයේ ඇති හාර්මනි කොලිටි එකට.වචනත් බොහොම ලස්සනයි . ලිරික්ස් ටිකත් පෝස්ට් එකටම එකතු කලා නම් හොදයි කියලා හිතුනා MAYYA

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට මයියා. ඔබගේ අදහසට අනුව ලිරික්ස් ටිකත් ඔන්න මම පෝස්ට් එකට එකතු කළා.

      Delete
  7. රසවත් ගීතයක්. සුබ නත්තලක් වේවා! සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  8. පද රචනයෙන් නවතින්නැතුව... අත්වැල් ගායනයටත් එක්වෙලා! මරැ. මරැ!

    ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා... ඔබටත් පවුලේ සැමටත් 🙏

    ReplyDelete
    Replies
    1. හි...හී..... බලන්නකෝ ඒකෙත් හැටි නේද? බොහෝම ස්තූතියි ඔබට නමී.

      Delete