යුද හමුදාවේ සේවය කරන තම සොහොයුරා වෙත ලියූ පිලිතුරු ලිපිය......
දයාබර අයියා වෙතටයි,
සොයුරේ ලදිමි ඔබ සැරසූ ලිපිය අද
දිලුනේ නයන දෝරේ යන සතුට මැද
නිබඳේ රැඳුන සැක සංකා සුසුම බිඳ
රිසිසේ විඳින්නට විය සැම ගෙපිලෙ ඉඳ
ඔබ සම්පතකි, විරුවෙකි තුට ඇත අපට
කල ආදරය හද පතුලෙන් දිණු මවට
මතු දින දිළෙයි රන් අකුරෙන් හරි හැඩට
කොරටුවෙ ගෙදර අක්කත් හවසට එනවා
නොමලද බවක් හසුනක් නිති පවසනවා
පොඩි නැන්දා ද ලෙඩ ගානෙම පසුවෙනවා
ඉදහිට ලියුවොතින් ඇගෙ සිත සුවවෙනවා
අරගෙන නිවාඩුව ගම වෙත එයි සිතුව
අදහස අනුව අප්පච්චිට සැම නතුව
කොරටුවෙ අක්ක හා ඇති පෙම ඔබ සතුව
සිදුකර විවාහය ඇත සවි කල යුතුව
~*~*~
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/ බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

No comments:
Post a Comment