Monday, March 1, 2021

නැගණියගේ පිළිතුරු හසුන 1

  යුද හමුදාවේ සේවය කරන  තම සොහොයුරා  වෙත  ලියූ පිලිතුරු ලිපිය......

 

 

දයාබර අයියා වෙතටයි, 

1 කොටස
 

සොයුරේ ලදිමි ඔබ සැරසූ ලිපිය             අද
දිලුනේ නයන දෝරේ යන සතුට             මැද
නිබඳේ රැඳුන සැක සංකා සුසුම             බිඳ
රිසිසේ විඳින්නට විය සැම ගෙපිලෙ         ඉඳ

රට දැය සමය රැකගන්නට යන        පෙරට
ඔබ සම්පතකි, විරුවෙකි තුට ඇත       අපට
කල ආදරය හද පතුලෙන් දිණු          මවට 
මතු දින දිළෙයි රන් අකුරෙන් හරි     හැඩට
 

කොරටුවෙ ගෙදර අක්කත් හවසට     එනවා
නොමලද බවක් හසුනක් නිති        පවසනවා
පොඩි  නැන්දා ද  ලෙඩ ගානෙම     පසුවෙනවා
ඉදහිට ලියුවොතින් ඇගෙ සිත      සුවවෙනවා
 


අරගෙන නිවාඩුව ගම වෙත එයි          සිතුව
අදහස අනුව අප්පච්චිට සැම              නතුව
කොරටුවෙ අක්ක හා ඇති පෙම ඔබ    සතුව
සිදුකර විවාහය ඇත සවි කල             යුතුව
 
මතු සම්බන්ධයි.........

~~ ලියෝනි අමරතුංග ~~

 👉  නැඟණියගෙ පිළිතුරු ලිපිය 2 

~~~~~~~~~~


 
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
 

No comments:

Post a Comment

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.