එහෙත් අද මම තනිව
විවේකී සැන්දෑව හරිම සිත්ලන සුළුයි
බැහැ අහක බලන්නට ඒ තරම් පිය කරුයි
ළඟ රැඳුනි නම් ඔයා තවත් රස මුසු කරයි
නමුදු අද මම තනිව සුසුමකට ගතු කියයි
සියොතුන්ගෙ කිචිබිචිය හැඟුම් මුසපත් කරයි
තව විටෙක ඒ හඬම ශෝකයට මුල පුරයි
බැහැ අහක බලන්නට ඒ තරම් පිය කරුයි
ළඟ රැඳුනි නම් ඔයා තවත් රස මුසු කරයි
නමුදු අද මම තනිව සුසුමකට ගතු කියයි
සියොතුන්ගෙ කිචිබිචිය හැඟුම් මුසපත් කරයි
තව විටෙක ඒ හඬම ශෝකයට මුල පුරයි
අපි දෙදෙන සුරත පටලා ගියපු දින වගෙයි
හද කැලතු උණු කඳුළු දෙනුවනෙහි සුව යදියි
( රවුළු ඡන්දසට අයත් වියන් විරිත ඇසුරෙන් )
විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
විසි මතෙකින් බඳ
ලුහුගුරු නියම් නැති කොට
වියන් නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ
~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
No comments:
Post a Comment