Sunday, March 21, 2021

එහෙත් අද මම තනිව


  එහෙත් අද මම තනිව

 

විවේකී සැන්දෑව හරිම සිත්ලන                 සුළුයි
බැහැ අහක බලන්නට ඒ තරම් පිය          කරුයි
ළඟ රැඳුනි නම් ඔයා තවත් රස මුසු          කරයි
 නමුදු අද මම තනිව සුසුමකට ගතු          කියයි  

සියොතුන්ගෙ කිචිබිචිය හැඟුම් මුසපත්    කරයි
තව විටෙක ඒ හඬම ශෝකයට මුල          පුරයි
අපි දෙදෙන සුරත පටලා ගියපු දින         වගෙයි
හද කැලතු උණු කඳුළු දෙනුවනෙහි සුව    යදියි
 

( රවුළු ඡන්දසට අයත් වියන් විරිත ඇසුරෙන්  )

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..

විසි මතෙකින් බඳ
ලුහුගුරු නියම් නැති කොට
වියන් නම් විරිත් වේ
නිදසුන් මෙසේ දන්නේ

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



 

No comments:

Post a Comment

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.