කවි කතාව
පසුගිය කොටසෙන්.................
උයනා ගෙයට ඇහැ යැව්වට දුකෙන් වගේ
හැඩිවී ඇති තරම දුටුවම පිස්සු වගේ
හකුලා දෙබැම තරමක් දුක මවන් වගේ
ලිසියා දිහා බැලුවේ හඬමින්ම වගේ
15 කොටස
“මගෙ සුදු නෝනෙ දෙන්නකො මට උයන්නට
පොඩි මහතා ද එයි වහලය හදන්නට
ලොකු නෝනත් ගියේ බිල් ටික ගෙවන්නට
මව ඇති මඟ බලා ඔය රුව දකින්නට "
ලිසියද ටිකෙන් ටික මොලකැටි වුන බැවිනා
මට මෙම වදෙන් බේරෙනු හැකි යයි සිතුනා
හිත දුක වුනත් යන්තම් සහනය දැනුනා
හනිකට මෙහෙන් පිටවිය යුතු යැයි හැඟුනා
වරුවක් යාවි බිම පිරිසිදු කරලන්ට
කරියත් ඉහිරිලා බිත්තිය නොපෙනෙන්ට
වළඳෙත් කෑලි හැමතැන බැහැ පයලන්ට
මෙතනින් යා යුතුය පෙර ඇය පැමිණෙන්ට
"හනිකේ ලිසී එහෙනම් උයලා ගන්න
යනවා මමත් ඇඟපත සෝදා ගන්න"
හැරුනේ යලිත් උඩුමහලට දිව යන්න
දුටුවේ නැන්ද අම්මයි පරලව ඉන්න
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
No comments:
Post a Comment