Friday, May 6, 2022

අලුත ගෙනා මනමාලි 17

 

 කවි කතාව


 

පසුගිය කොටසෙන්.................



මුළුතැන් ගෙදර ජරමර නැත       නිමවෙන්නේ
වතුරෙන් පෙඟුන බටු කොහොමද   බැදගන්නේ
කඩිනම් කරල මේ නිවසින්            පැනගන්නේ
නොමැතිව තවත් ඇයිදෝ මා       ලතවෙන්නේ


17 කොටස  

දුවගෙන ගිහින් උඩුමහලේ          සැඟවෙන්න
හිතෙනව අහෝ බැහැ මේ දුක        උහුලන්න
ලෙඩවුන හෙයින් අම්මව දැක     සැනසෙන්න
පිටවුනෙ ගෙයින් නැන්දට වැඳලයි       ඔන්න

මම කඩිනමින් නිවසට ගොඩ වැදුනු        සඳ
හමුවිය මැණික දෙනුවන ඉනු කඳුලු       මැද
"මව ඇත යහන මත" යනුවෙන් දොඩන   ලද
වචනෙනි ගියේ හදවත පෙළු සැකය         බිඳ

දෙන්නා එක්ක එකතුව පොඩියට   බොරුවක්
කිව්වා කියල දැනුනේ ගිය පසු          වරුවක්
දැන් මා සිටිනුයේ නිවසෙහි ලෙස       තරුවක්
නැන්දා ලඟත් නැත කිව් තරමට      සරුවක්

අභිමත පරිදි මවගේ නිවසට              වැදුනා
සහනය ලැබුනු කීමට බස මදි            හැඟුනා
යලි එහි නොගොස් නවතිනු හැකිවෙද   තුටිනා
නුවණැස යොදා වැඩ කල යුතු බව      දැනුනා



මතු සම්බන්ධයි...... 

 

~~ ලියෝනි අමරතුංග ~~

~~~~~~

👈 16 කොටසට

👉18 කොටසට 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. 

2 comments:

  1. නුවණැස යොදා වැඩ කල යුතු බව දැනුනා - ඒකනම් හොඳ....... නැහ්නං ඕව කොයි ගිහින් නතරවෙයිද

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකයි කියන්නෙ. බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට.

      Delete