කවි කතාව
පසුගිය කොටසෙන්.................
නැන්දම්මගේ උගුලෙහි සැම දෙන ඇලුනා
රස්සාවකුත් නැති කොළුවට දුව ලැබුනා
අම්මගෙ උගුලෙ නැන්දත් සිරවිය සොඳිනා
පුත් කුමරාට වැඩ බැරි බිරිඳක අමුණා
20 කොටස
රැකියා නොමැත කල ගෙවලා මහ මඟට
කරලා තියෙන්නේ බොරුවකි අප සැමට
රිදවා සිතද හඬලා ඇති පල කුමට
මෙමගේ අතෙත් තිබු අඩුපාඩුද එමට
මෙය දැනගත් පසුව උරණවු මගෙ අම්මා
හනිකට සොයා දුව ගියෙ යස නැන්දම්මා
දෙදෙනම අතර වූ වාදය උණුසුම්මා
සිටිනට උනේ අපි දෙදෙනට ගෙන බුම්මා
"යන්නේ කොහොම කොම්පැණියක වැඩට තියා
දන්නේ අද නෙ පාසලකට නොගිය කියා
කිව්වේ කොහොම කොලුවගෙ ඇති ගුණය දයා
ගම්මුන් කිව්වෙ උබලට නැහැ ලැජ්ජ බියා"
මෙම බස අසා නැන්දත් නැත පසු බැස්සේ
මගෙ ඇති වැරදි කීමට සැරසිය සිත්සේ
දුවගෙන ආපි ගම්මුන් එකිනෙක පස්සේ
සමහර ඈයො උන්දැට ණයටයි කැස්සේ
කරලා තියෙන්නේ බොරුවකි අප සැමට
රිදවා සිතද හඬලා ඇති පල කුමට
මෙමගේ අතෙත් තිබු අඩුපාඩුද එමට
මෙය දැනගත් පසුව උරණවු මගෙ අම්මා
හනිකට සොයා දුව ගියෙ යස නැන්දම්මා
දෙදෙනම අතර වූ වාදය උණුසුම්මා
සිටිනට උනේ අපි දෙදෙනට ගෙන බුම්මා
"යන්නේ කොහොම කොම්පැණියක වැඩට තියා
දන්නේ අද නෙ පාසලකට නොගිය කියා
කිව්වේ කොහොම කොලුවගෙ ඇති ගුණය දයා
ගම්මුන් කිව්වෙ උබලට නැහැ ලැජ්ජ බියා"
මෙම බස අසා නැන්දත් නැත පසු බැස්සේ
මගෙ ඇති වැරදි කීමට සැරසිය සිත්සේ
දුවගෙන ආපි ගම්මුන් එකිනෙක පස්සේ
සමහර ඈයො උන්දැට ණයටයි කැස්සේ
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
No comments:
Post a Comment