සොයමි හැරගිය පෙම
මනරම් තරුකැට
පිපී දිලෙන විට
මහද මතකයට
ඔබ දෙනයන මැවෙයි කදිමට
අතරින් නැග එන
පුරසඳ සුදිලෙන
සිහිකරයි නිතින
ඔබෙ පෙම්වත් වටකුරු උවන
දුකය ඉතින් මට
පවසමි කා හට
හදේ තනිකමට
හඬමි සැඟවී කුරිරු ලොවට
මතකය දිගේම
ඇවිද ගියෙමි මම
වෙහෙස නොබලාම
හමුවන තුරුම හැරගිය පෙම
(මත්වල ගී විරිත ඇසුරෙන් )
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..
වසම්හි අටමත්
සෙමෙ අට තෙළෙස් මත්
සත්තිස් මතින් මත්වල
ගී වේ දනු හෙ මෙසේ
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Great poem
ReplyDeleteබොහෝම ස්තූතියි අසජ.
Delete