Friday, October 9, 2020

සොයමි හැරගිය පෙම

 සොයමි හැරගිය පෙම




මනරම් තරුකැට  
පිපී දිලෙන විට
මහද මතකයට
ඔබ දෙනයන මැවෙයි කදිමට

අතරින් නැග එන
පුරසඳ සුදිලෙන
සිහිකරයි නිතින
ඔබෙ පෙම්වත් වටකුරු උවන

දුකය ඉතින් මට
පවසමි කා හට
හදේ  තනිකමට
හඬමි සැඟවී කුරිරු ලොවට

මතකය දිගේම
ඇවිද ගියෙමි මම
වෙහෙස නොබලාම
හමුවන තුරුම හැරගිය පෙම

(මත්වල ගී  විරිත ඇසුරෙන් )


විරිතේ ස්වභාවය එලු සඳස් ලකුණෙහි අර්ථ ගන්වා ඇති යුරු..

වසම්හි අටමත්
සෙමෙ අට තෙළෙස් මත්
සත්තිස් මතින් මත්වල
ගී වේ දනු හෙ මෙසේ


~~  ලියෝනි අමරතුංග, හැමිල්ටන්  ~~


~*~*~


මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.
 

2 comments: