Friday, January 8, 2021

ලක් මව්නි

ඔබ තනිකර දාමා ආවත්
ඔබ තුරුලේ සිට නැළැවුනු හැටි
කෙසේ නම් අමතම කරන්නද ලක් අම්මේ... 😢



ලක් මවිනි

ගඟ දොල පොකුණු සහ කඳුවැටි අහස    උස
දිය ඇළි කඩා හැලෙනා පිනවමින            ඇස
කෙත හිනැහෙනා ඵල දරමින නොයෙක   රස
නමදිමු මව්නි ලංකා මා දිනුව                දෙස

කුල මල ජාති ආගම් හැම භේද               සිඳ
හෙළයිනි පිබිඳ එව් පතුරමු අපගෙ         තෙද
සිටිවිට එකා මෙන් අභියස හෙළයෙ          දද
දකිනට හැකිය සාමය සංග්‍රාම                 බිඳ 

තිරිසන් සතුන් වුව කෘතගුණ       හදුනන්නේ
මිනිසුන් වෙසින් ඇයි ද්වේශය       වපුරන්නේ
රකිමින් උපන් ලක පෙරමුණ       අරගන්නේ
 සිහළුන් නමින් හෙළ දිව ජය        පතුරන්නේ 



~~ ලියෝනි අමරතුංග ~~

 

~~~~~~~~~~


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


 

2 comments:

Subject to copyright.

සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතියි පුද කරමි.