ඔබ තනිකර දාමා ආවත්
ඔබ තුරුලේ සිට නැළැවුනු හැටි
කෙසේ නම් අමතම කරන්නද ලක් අම්මේ... 😢
ලක් මවිනි
ගඟ දොල පොකුණු සහ කඳුවැටි අහස උස
දිය ඇළි කඩා හැලෙනා පිනවමින ඇස
කෙත හිනැහෙනා ඵල දරමින නොයෙක රස
නමදිමු මව්නි ලංකා මා දිනුව දෙස
කුල මල ජාති ආගම් හැම භේද සිඳ
හෙළයිනි පිබිඳ එව් පතුරමු අපගෙ තෙද
සිටිවිට එකා මෙන් අභියස හෙළයෙ දද
දකිනට හැකිය සාමය සංග්රාම බිඳ
තිරිසන් සතුන් වුව කෘතගුණ හදුනන්නේ
මිනිසුන් වෙසින් ඇයි ද්වේශය වපුරන්නේ
රකිමින් උපන් ලක පෙරමුණ අරගන්නේ
සිහළුන් නමින් හෙළ දිව ජය පතුරන්නේ
~~ ලියෝනි අමරතුංග හැමිල්ටන්~~
~*~*~
මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද?
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
ඔබගේ අදහස් සහ ප්රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි.
❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦
Good job, well done.����
ReplyDeleteThanks duwa.
Delete