සඳ එළියෙන් මැවෙන රූප සිතුවම් කරන්න
මටම හීලෑ නැති මගේ තෙලිතුඩ
මඟ බලාගෙන හිටියේ
හරිම ආසාවෙන්...
ඒත්......
අද නම් බැරි වෙයි.
දන්නවාද ඒ රහස
ප්‍රිය සොඳුරිය මා ළඟය....
මගෙ සිතිවිලි දඟය
සඳ එළියෙන් මැවෙන රූපන හරි අගය
ඇත හිත නඟන්නට සිතුවම එහි රඟය
බැහැ මඟ හරින්නට දැනි සිතිවිලි දඟය
නැත ඉඩකඩක් ප්‍රිය සොඳුරිය මා ළඟය
මිටකින් මුදාහල ඇගෙ මුදු කෙහෙරැල්ල
සැනෙකින් විසිර ගොස් කරනා දැඟලිල්ල
ගැටෙමින් කොපුල් තල මත ලැබ සැනසිල්ල
හැඟුමන් පුබුදුවයි බිඳ හද ඉවසිල්ල
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
ගැටෙමින් කොපුල් තල මත ලැබ සැනසිල්ල
ReplyDeleteහැඟුමන් පුබුදුවයි බිඳ හද ඉවසිල්ල .......ලස්සන පද එකතුවක් ....
බොහෝම ස්තුතියි ඔබට.
Delete