කවි කතාව
පසුගිය කොටසෙන්.................
තම දිවි තලයෙ කල වයසත් පසු කරන
ලොකු පොඩි සැමට නෙක සහනය නිති බෙදන
ගම පන්සලේ දායක නිල තල දරන
රජවරු වැනිය වැඩ සිටි හෙළ දිව පුරණ
3 කොටස
නිරතුරු ගමට එන කලු කඩ මුදලාලි
ලොකු මුදලකට විකුණයි පොඩි බඩු කෑලි
දෙසවන ගැටී ගම්මුන් පවසන සෝලි
අහුරන ලදිය මඟ නොඑනට පැන වේලි
නිරතුරු ගමට එන කලු කඩ මුදලාලි
ලොකු මුදලකට විකුණයි පොඩි බඩු කෑලි
දෙසවන ගැටී ගම්මුන් පවසන සෝලි
අහුරන ලදිය මඟ නොඑනට පැන වේලි
වියැකෙන අතර කාලය තම දිවි පලසේ
ඇත පෙර නිමිති පහලව ලොවටම රහසේ
තුරුළට රැගෙන නැළැවිලි ගී පද රසසේ
ගයමින ප්රීති වීමට බිරිඳක පැතුසේ
ඇත පෙර නිමිති පහලව ලොවටම රහසේ
තුරුළට රැගෙන නැළැවිලි ගී පද රසසේ
ගයමින ප්රීති වීමට බිරිඳක පැතුසේ
දිවි මං තලාවේ වෙනසකි ඇරඹෙන්නේ
පැතුසේ පුංචි ළදැරියකිය පිවිසෙන්නේ
සැමගේ සෙනෙහෙ සුව විඳිමින සුරැකෙන්නේ
ඔප වී වැඩී යහගුණයෙනි සපිරෙන්නේ
දැඩි ලෙස ගමට පෙම් බැඳි මෙම ගුරු යුවල
සපථව අතැර නොයනා ලෙස බිම සපල
රැඳෙනට සිතයි සමඟින ගැමි දන නිමල
මතුදින තමන් දිවි ගඟ වනතුරු නිසල
ගම මායිමට වෙන්නට මිලදී ඉඩමක්
නව ආරෙකට තනවා යස ගේ පොඩියක්
කිරි උතුරවා නැකතට ගයලා පිරිතක්
තිර සර විසුම විය සැම දනගේ සතුටක්
මතු සම්බන්ධයි......
ඔන්න මම එක.
ReplyDeleteකවි කතාව නියමයි.
බොහොම ස්තුතියි සේපාලිකා මල්. පුදුම වැඩේ කියන්නේ මමත් ඊයේ ඔයාගේ වැහුපැටි සීන් එකට 1ටම කමෙන්ට් කලේ මම වීමය
Deleteමම දෙක!
ReplyDeleteඇති යාන්තම් ගෙයක් හදන්න හිතුනා අපේ කිවිඳියට නොවේ ගුරු යුවලට!
සුපිරි!
බොහොම ස්තුතියි ඔබට. මම ගානෙ තමා ගේ නම් හදලා දෙන්නේ. පුළුවන් නම් පොඩි ආධාරයක් කරන්න හොදේ. මේවා ගමේ අයගෙ යුතුකම් ඈ.
Deleteමම තුන...
ReplyDeleteහරිම ලස්සනයි .
ජයවේවා !!!
මම තුන.
ReplyDeleteහරිම ලස්සනයි කවි කතාව අදත්.
ජයවේවා !!!
බොහොම ස්තුතියි දුමින්ද ඔබට. දිගටම රැදී ඉඳලා ගුණ දොස් ඇතොත් කියන්නකෝ
Deleteදැනට පැමිණීම සටහන් කර යමි!
ReplyDeleteබොහොම ස්තුතියි ඔබගේ පැමිණීමට. පසුව හිමිහිට කියවලා ගයලා රස විඳින්න කෝ. දිග වැඩියි කියලා හිතෙනවා නම් කියන්න. ආයෙම මම අඩු කරලා දමන්නම්
Deleteමාත් ආවා හොදේ...
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට ආවාට. අද මම දැක්කේ නැහැ ඔයාගෙ කතාවක්.
Deleteකියෙව්වා. මදි, තව ටිකක් තිබ්බනං කියලා හිතෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබගේ පැමිණීමට. හපොයි..... මේ ටිකත් මදිද ?
Deleteහුම්. ටීචින් කපල්එක ගමටම සින්න වෙන සීන් එකක් නෙ. ❤
ReplyDeleteබොහොම ස්තුතියි නමියා හැමදාමත් වගේ ඔබගේ පැමිණීමට. එකනේ එයාල ආයෙ නගරෙට යන්නේ නෑ. එයාල ගමට ගොඩාක් ආදරය කරනවා.
Delete👌👌👌
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට
Deleteපසුගිය සතියෙන් කෑල්ල හරිම ප්රයෝජනවත්. හරිම ලස්සනයි .
ReplyDeleteබොහොම ස්තුතියි අනුරුද්ධ ඔබට.
Deleteසුපිරි +++++++++++++++ Mayya
ReplyDeleteබොහෝම ස්තූතියි ඔබට. දිගටම රැදි ඉදලා බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා.
Deleteඉතින් ඊට පස්සේ මක්කැයි වෙන්නේ
ReplyDeleteකවි පහකින්ද ඔබ පවසන්නට යන්නේ
බොහෝම ස්තුතියි නිදි.
Deleteඔව් ඔව් කවි පහකින් තමයි. හරිම අපුරුයි පද ගැලපීම ඔබගේ