Friday, February 12, 2021

අයියාගෙ ලියමන 1

 යුද හමුදාවේ සේවය කරන සොහොයුරා තම සොහොයුරිය වෙත ලියූ ලිපිය......



දයාබර නැගණිය වෙතයි, 

1 කොටස
~~


නැගණියෙ ඔබ සැවොම අදරින් සිහි කරමින්
වෙහෙසව ලියමි පද සිතිවිලි දිඟ      හරිමින්
 ලතවෙයි තුන්සිතම පාළුව තනි        රකිමින් 
සුසුමකි මුදා හැරියේ ළය           හකුළුවමින්

පෙරදින මියුරු ගී රස විඳි මගෙ         සවන 
දෙදරයි වෙඩි හඬට නෑ සිත තුළ        සහන
වෙනුවට සුරත දැරු පන්හිඳ කවි        මවන
    රජවිය ගිණි අවිය මිතුරකු ලෙස       කලණ     

හසුනක අකුරු  අමුණන්නට නැත      නිවන
බියකරු රැයක හද ඔත්පල වෙයි       නිතින
සිසිලස මවන ගත සනහන තුරු       සෙවන
සිහිවන විටදි දිව එන්නට මට            සිතින 



මනසින් වදන් ගලපන ඒ හැම             වාරේ
සැනකින් බිඳී විසිරී හදවත                 පෑරේ
පියමන් කරන සඳ ගන බඩ වැටි         තීරේ
  රහසින් මුමුණනා පද වැළපෙනු          තෙරේ 

 
 
මතු සම්බන්ධයි.........


2 කොටසට  👉

යුද සමයේ ක්‍රියාන්විත රාජකාරියේදී දිවිපිදු කෝප්‍රල් ,එම්.එච්.පී.සී ද සිල්වා, අංජු ද සිල්වා හා දිලු ද සිල්වා ගේ සොහොයුරාට උපහාර පිණිස පන්හිඳෙන් ගෙත්තම් කරන ලදි...


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~


මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 


❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 

සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

2 comments: