කවි කතාව
පසුගිය කොටසෙන්.................
පුබුදා කුසුම් සහසක් හද විල් තලයේ
සපුරා සියලු පියවර බල පත්තරයේ
ලැබුනා හසුන පැතු ලෙස එතරින් රජයේ
පියඹා යන්න අතැඟිලි ගනිමින් හිටියේ
15 කොටස
ඉවසනු හද කෙලෙස මතු දින තම දරුවන්
සමුගෙන යනු ඇතිය බොඳ කරමින දෙනුවන්
එනමුදු කිසි දිනෙක අහිතක් හිත රඳවන්
වෙනතක නොයා පැතුවය රැකවල තෙරුවන්
සියළුම සිහින ඉටුවීලා දෙන සතුට
පියඹන දිනය එළඹිය සයුරෙනි එපිට
හැදු වැඩු මව පිය ද ගම පාසැල දැයට
සමුදිය යුතුව ඇත පෙර සැලසුම ලෙසට
පියඹන දිනය එළඹිය සයුරෙනි එපිට
හැදු වැඩු මව පිය ද ගම පාසැල දැයට
සමුදිය යුතුව ඇත පෙර සැලසුම ලෙසට
දැනුනිද ගත දැවටි සිහිලැල් මිහිර ලොවේ
විඳිනට සතුට නිම නොවනා මෙ මනු භවේ
එනු මැන රැගෙන මුදු හසරැල් නොමද සුවේ
මිණිපිරි තුරුළු කරගෙන සුරඟනක බඳූ
සියුමැලි වතට බර වී හද සිසිල සැදූ
වැළපෙන මොහොත ගිගුරුම් දෙන අහස බදූ
සමුගත යුතුව ඇත පිසිමින කඳුළු බිදූ
දාරක සෙනෙහෙ එන හදවත දෙකට පැලී
පාවෙන සුසුම් රොද සමඟින එකට වෙලී
යානය තුලට කිමිදී දෙනුවනින දිළී
දෝණි ගෙ මුදු සිනහ කැටියක් සොයයි යලී
මතු සම්බන්ධයි......
~~~~~~
සේයාරූ අන්තර්ජාලයෙන් Google Images. - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මුල ඉදං කියවන් එන්නං. 😃😃
ReplyDeleteකාලෙකිං මේ අහ ආවෙ
බොහොම ස්තුතියි ඇවිත් යන්න ආවාට. කියවලා බලලා ගුණ අගුණ කියන්නකෝ.
Deleteඑකපාරටම මතක්වුනේ එදා රෑ ගුවන්තොටුපොළේදී මා ගීතය.
ReplyDeleteදිගටම ලියමු. එන්නම් කියවන්න!
බොහෝම ස්තූතියි. කාලෙකින් ඔබගේ සුපුරුදු හඬ ඇහුනේ. ඉතාම සතුටුයි මේ පැත්තේ ආවාට. එදා ඉඳලාම මට ලිය්න්න කිය කියා ඔබ දුන් දිරිය නම් ඉතාම ඉහලයි සොහොයුර.
Deleteඔව් ඔව් මේකත් ඒ වගේ දෙයක් නේද? පුදුමෙ කියන්නේ ඔබ කියන තුරුම මට ඒ ගීතය මතකෙට ආවෙ නැති එකනේ. ඒත් මට අනන්ත වාරයක් හිතුනා මම රටෙන් පිටවෙනකොට මගේ ආදරණියයන් ගේ හිතේ මොන වගෙ දුකක් තියෙන්න අතිද කියලා. ජීවිතේ අපිට දෙන දේ අපිට බාරගන්න වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් . නේද?
හුම් හුම්.
Deleteබොහෝම ස්තූතියි. කාලෙකින් ඔබගේ සුපුරුදු හඬ ඇහුනේ. ඉතාම සතුටුයි මේ පැත්තේ ආවාට. එදා ඉඳලාම මට ලිය්න්න කිය කියා ඔබ දුන් දිරිය නම් ඉතාම ඉහලයි සොහොයුර.
ReplyDeleteඔව් ඔව් මේකත් ඒ වගේ දෙයක් නේද? පුදුමෙ කියන්නේ ඔබ කියන තුරුම මට ඒ ගීතය මතකෙට ආවෙ නැති එකනේ. ඒත් මට අනන්ත වාරයක් හිතුනා මම රටෙන් පිටවෙනකොට මගේ ආදරණියයන් ගේ හිතේ මොන වගෙ දුකක් තියෙන්න අතිද කියලා. ජීවිතේ අපිට දෙන දේ අපිට බාරගන්න වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් . නේද?