කවි කතාව
පසුගිය කොටසෙන්.................
සවසට ටිකිර හේනට පිය ඔසවන්නේ
එළිවන තුරා කවි සීපද මුමුණන්නේ
විටකදි මියුරු බට ලී හඬ පැතිරෙන්නේ
බොළඳිය හදවතේ කුකුසකි උපදින්නේ
13 කොටස
තුන්යම ගිය කලට ඔහු ඵල රකින්නට
සිත් මල වෙලා ගත් බිය ඉඟි කරන්නට
දැල්වෙන පහන වියරුවකිනි සැලෙන්නට
ගත්විට හද සැලුනි බැහැ දුක දරන්නට
පසුදින උදේ සුපිපුනු පියුමක හැඩට
යන ලෙස සැරසුනේ ඇය පන්සල දෙසට
හද ඇති සෝක සන්තාපය සහ දුකට
වෙන පිලියමක් නොතිබුනෙ ඇයි පොඩි හිතට
පෙර දින රැයේ ගත් තීරණ වල සැටියෙන්
රණයගෙ සඟයො සැඟවිල මඟ රැක cසිටියෙන්
සැලසුම අනුව ගල් පොත්තට යන අටියෙන්
ඔසවල ගත්තෙ කෙල්ලව තද කර පටියෙන්
දෙවියන් බුදුන් වැඩ සිටිනා සොඳුරු බිම
මනුසත් බවින් හෙබි ටිකිරගෙ මිතුරු සැම
පියමන් කරන කල කුඹුරට එහිම ඉම
ඉවසුම් නොදෙයි හදවත දුටු දසුන එම
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
No comments:
Post a Comment