Friday, October 22, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 13

 

 කවි කතාව

 


 

පසුගිය කොටසෙන්.................

සවසට ටිකිර හේනට පිය                  ඔසවන්නේ
එළිවන තුරා කවි සීපද                     මුමුණන්නේ
  විටකදි මියුරු බට ලී හඬ                පැතිරෙන්නේ  
බොළඳිය හදවතේ කුකුසකි                උපදින්නේ



13 කොටස  

තුන්යම ගිය කලට ඔහු ඵල                රකින්නට
සිත් මල වෙලා ගත් බිය ඉඟි               කරන්නට
දැල්වෙන පහන වියරුවකිනි              සැලෙන්නට
ගත්විට හද සැලුනි බැහැ දුක               දරන්නට

පසුදින උදේ සුපිපුනු පියුමක                    හැඩට
යන ලෙස සැරසුනේ ඇය පන්සල               දෙසට
හද ඇති සෝක සන්තාපය සහ                   දුකට
වෙන පිලියමක් නොතිබුනෙ ඇයි පොඩි        හිතට

පෙර දින රැයේ ගත් තීරණ වල          සැටියෙන්
රණයගෙ සඟයො සැඟවිල මඟ රැක    සිටියෙන්
සැලසුම අනුව ගල් පොත්තට යන         අටියෙන්
ඔසවල ගත්තෙ කෙල්ලව තද කර         පටියෙන්

දෙවියන් බුදුන් වැඩ සිටිනා සොඳුරු              බිම
මනුසත් බවින් හෙබි ටිකිරගෙ මිතුරු           සැම
පියමන් කරන කල කුඹුරට එහිම                ඉම
ඉවසුම් නොදෙයි හදවත දුටු දසුන               එම

මතු සම්බන්ධයි......


👈12 කොටසට

👉14 කොටසට


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

No comments:

Post a Comment