කවි කතාව
පසුගිය කොටසෙන්.................
අබගකි වුනේ මහ පොළොවද දෙදරගිය
වෙදදුරු සැමගෙ ආයාසය අපතෙගිය
ටිකිරගෙ මලය යලි නොම එන ගමනගිය
අසරණ දනගෙ නෙතු කඳුලකි බොඳවගිය
16 කොටස
ඇසු පුවතින්ම ගැමියන් අසරණ වෙන්නා
කලයුතු දෙයක් ගැන නැත සිහියට එන්නා
නරකය ඇතුළු සඟයන් ගෙන් පළි ගන්නා
අටියෙන් ගමේ තැන තැන සිට රැක උන්නා
අප එකිනෙකාගේ දෛවය ලෙස භවක
ගෙන ආ කුසල් කර්මය පල දෙයි කලෙක
යනු ඇත නිසැකමයි මරු අත වැනු දිනෙක
දොරගුළු විවරවී නිවනෙහි සුව මඟක
ගිගුරුම් දෙමින් මහ වැසි ඇද හැලෙන්නේ
ලතැවුල් හඬින් මළ බෙරයකි වැයෙන්නේ
හදවත් ශෝකයෙනි ඉකිබිඳ හඬන්නේ
ගැමියන් සැවොම සෝ සයුරෙහි ගිලෙන්නේ
රැකුමට දනා නිරතුරු බල අත රඳනා
නිල දරු පිරිස ගම සැම තැන පෙළ ගැසුනා
ලුහුබැද දුදන නීතිය අභියස ඇදුනා
දිවි ඇති තුරා රණයා දඟ ගෙට වැදුනා
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
මේ බ්ලොග් එක මට මිස්වෙලා මම හිතන්නේ
ReplyDeleteබොහොම ස්තුතියි. ඉඳ හිට ඔබේ ප්‍රතිචාර දක්වන්නේ නම් ඉතා අගේ කොට සලකමි.
Delete