Tuesday, November 23, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 22

 

 කවි කතාව

 


පසුගිය කොටසෙන්.................

තුරුලත සුවය විඳ නිදනා තම                 පුතුනු
          ඉඳ හිට සුරඟනන් හා හිනැහෙනු              ඇසුනු          
පිවිතුරු මව් හදේ කිසි විට හිඟ             නොවුනු
සෙනෙහස දෝරෙ යයි පියයුරු අඟ           රැදුනු



22 කොටස  

සියුමැලි දෙතොල් විහිදා කිරි මුව     කොනින
මදහස නගයි ටිකිරා සිහිකර               වමින
දැක හද සැලෙයි සිහියට විත් ඔහු      පෙමින
ඉවසුම බිඳෙයි නිසසල රැය දිගු           බැවින

"දිගු රැය පුරා නිදිබර නෙතු        දැවෙන්නෙපා  
තරුකැට දිලෙන අහසට ගතු        කියන්නෙපා
සඳවති හොර හොරෙන් ඔච්චම්     කරන්නෙපා
තනිකම දැනී හද සුසුමන්          හෙලන්නෙපා "

දිවිගමනේ අරුත දින දින              ලියලන්නේ
කැකුළිය මවක වී සෙනෙහස         උතුරන්නේ
මව පිය සැදෑ සමයේ සුව               විඳිමින්නේ
මුණුපුරු මිණිපිරින් හා දිවි          ගතවෙන්නේ

කෙළිලොල් කවටකම් කරමින පාන         සිනා
දුව පැන නටයි පොඩි දරුවන් සතර       දෙනා
සිය නෑසියන් වැඩිහිටියන් සෑම                 දනා
ගම ඔප කරයි සතුටින ජීවිතය                දිනා


මතු සම්බන්ධයි...... 

 

👈21 කොටසට

👉23 කොටසට


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

No comments:

Post a Comment