කවි කතාව
පසුගිය කොටසෙන්.................
තුරුලත සුවය විඳ නිදනා තම පුතුනු
ඉඳ හිට සුරඟනන් හා හිනැහෙනු ඇසුනු
පිවිතුරු මව් හදේ කිසි විට හිඟ නොවුනු
සෙනෙහස දෝරෙ යයි පියයුරු අඟ රැදුනු
22 කොටස
සියුමැලි දෙතොල් විහිදා කිරි මුව කොනින
මදහස නගයි ටිකිරා සිහිකර වමින
දැක හද සැලෙයි සිහියට විත් ඔහු පෙමින
ඉවසුම බිඳෙයි නිසසල රැය දිගු බැවින
"දිගු රැය පුරා නිදිබර නෙතු දැවෙන්නෙපා
තරුකැට දිලෙන අහසට ගතු කියන්නෙපා
සඳවති හොර හොරෙන් ඔච්චම් කරන්නෙපා
තනිකම දැනී හද සුසුමන් හෙලන්නෙපා "
දිවිගමනේ අරුත දින දින ලියලන්නේ
කැකුළිය මවක වී සෙනෙහස උතුරන්නේ
මව පිය සැදෑ සමයේ සුව විඳිමින්නේ
මුණුපුරු මිණිපිරින් හා දිවි ගතවෙන්නේ
කෙළිලොල් කවටකම් කරමින පාන සිනා
දුව පැන නටයි පොඩි දරුවන් සතර දෙනා
සිය නෑසියන් වැඩිහිටියන් සෑම දනා
ගම ඔප කරයි සතුටින ජීවිතය දිනා
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
No comments:
Post a Comment