කවි කතාව
පසුගිය කොටසෙන්.................
කෙළිලොල් කවටකම් කරමින පාන සිනා
දුව පැන නටයි පොඩි දරුවන් සතර දෙනා
සිය නෑසියන් වැඩිහිටියන් සෑම දනා
ගම ඔප කරයි සතුටින ජීවිතය දිනා
23 කොටස (අවසන් කොටස )
රණයා ගැනත් අමතක කරලනු කොහොම
දඟගේ සදා උරුමව දෙයි දුක සුසුම
ඔහුගේ ගෝල බාලයො හිත ලැදි බොහොම
වැදුනේ නොමැත බියටම ගම වෙත තවම
කිසි විට එපා අනුනට කරදර දෙන්න
සමඟිය පෙරටු කොට නිසි පියවර ගන්න
හැකි සැම විටම දෙඅතට වීරිය ගන්න
සහජීවනය සාමය ලොව පතුරන්න
කවි සාගරයෙ පිහිනුව ඔබ සැමට තුති
ගුණ'ගුණ සපිරි නෙක පැසසුම් එමට ඇති
පමණට වදන් මා හදවත තුල නොමැති
බැවියෙන රකිමි මුතුදම හද පතුලෙ නිති
🌹කමෙන්ට්ස් දමමින් හා පෞද්ගලිකව අදහස් හුවමාරු කරගනිමින් මා දිරිමත් කල ඔබ සැමටම ස්තූතියි.
🌹මෙම කතාවේ අඩුපාඩු පෙන්වමින් හා මගේ දිවි පුරාවට මා රැකගනිමින් මට සහය වන මගේ ආදර සැමියා වන අසජ අමරතුංග ටත් මගේ අවංක ස්තුතිය මම පිරිනමමි.
2021 නොවැම්බර් මස 26
කැනඩාවේ, හැමිල්ටන් නුවර සිට.
~~~~~~
උත්සහයට අගැයුමකි
ReplyDeleteබොහොම ස්තුතිතියි. කවදත් දෙන දිරියට
Delete