Friday, November 5, 2021

ටිකිර හා කැකුළි ගේ ආදර අන්දරය 17

 

 කවි කතාව

 

 

පසුගිය කොටසෙන්.................

රැකුමට දනා නිරතුරු  බල අත                රඳනා 
නිල දරු පිරිස ගම සැම තැන පෙළ         ගැසුනා
ලුහුබැද දුදන නීතිය අභියස                     ඇදුනා
දිවි ඇති තුරා රණයා දඟ ගෙට                වැදුනා



17 කොටස  

ඔවුනගෙ කංස යායම ගිණි තබන             ලදී
පැහැබර ගොවිතැනක මඟ එළි කෙරෙයි  සැදී
වග බෝගයෙන් සුවඳව ජය කෙහෙළි        දිදී
සැමගෙම හදට නව ජවයක සිසිල            වදී

සයමස් සපිරි මත්තෙන්                 ආදාහනය
එළියක් ලැබුනි වැනසී කංසා                වනය
හදවත් රිදුම් දුන් ඒ අමිහිරි                   දිනය
කෙලෙසින් පැහැර හරිමුද සැම       අසරණය 

සිදුවුන  සියළු  දුක් දොම්නස් සැමට        පසූ 
  වැඩිහිටි බාල ගොවි කම්කරු පිරිස         සෙසූ  
 පිබිදුණු සොබා දහමද නෙක ඵලිනි          පැසූ  
සැරසෙයි පැතුම් දෙවනට පෙම් සිනහ      මුසූ

කැවුම් කොකිස් මුං අතිරස              හැඩදාලා
තුටින් නැකත එනතුරු                  පාවඩ දාලා
නැවුම් මනාලිය නෙතු කොන              පිසදාලා
දුකින් පියා තුරුළේ,.. යයි                   හදදාලා

මතු සම්බන්ධයි......


👈16 කොටසට

👉18 කොටසට


~~ ලියෝනි අමරතුංග - හැමිල්ටන් ~~

~*~*~

මගේ නිර්මාණය ඔබේ හදවතට දැනුණේ කෙසේද? 
ඔබගේ අදහස් සහ ප්‍රතිචාර මගේ මීළඟ නිර්මාණයට විශාල ශක්තියකි. 

❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦ ❦❦ ❦ 


සේයාරූ අන්තර්ජාලයෙන් Google Images, - සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
Subject to copyright.
සියලු හිමිකම් ලියෝනි අමරතුංග ( Leoni Amaratunga ) සතුය. සිතිවිලි මංපෙත - https://sithiwilimanpetha.blogspot.com/  බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ ලියෝනි අමරතුංග යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ. මෙහි පලවන කවි, කවි කතා හා වෙනත් සියළුම ලිපි මගේ පෞද්ගලික නිර්මාණ හා අදහස් පමණි. මගේ නිර්මාණ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. මගේ සිතිවිලි මංපෙත - Sithiwili Manpetha බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ම මගේ ආදර ස්තූතිය පුද කරමි.

No comments:

Post a Comment