කවි කතාව
පසුගිය කොටසෙන්.................
පලමුව ගියේ මලයාගේ සොහොන වෙත
කරමින බලා සිටියාවූ සැම මවිත
කැකුළිය සමඟ ටිකිරද එක්කර දෙඅත
සුපැතුම වුනේ හමුවන්නට මතු දියත
19 කොටස
අරලිය මලින් විකසිත සුපුරුදු දෙවට
අතිනත පටල ඔහු හා පියලන සුමට
කැකුළිය සමඟ ටිකිරද රන් රස ලෙසට
සමවිය පිණි අතුල ලෙස සුසිනිදු මලට
ටිකිරගෙ පැලට සපැමිණ ඔවදන ලබමින්
සමුදුනි සොවින් මාපිය පායුග වඳිමින්
මතු දිවි මඟ තොසින නිති සනහස රඳමින්
පතමින යහපතම සියළුම දෙවි වරමින්
දිය මත පිපී අත වනනා සඳ එළියයි
තැන තැන රිදී පාටට දිළිසෙන ගොයමයි
වැව ඉස්මත්ත සිප හමනා මද පවනයි
සිත ගත හඹා කිතියක් මතු කල දෙතොලයි
සැතපෙන විටදි ඔහු ගේ පුළු'ලුර තලයේ
සඳවති සෙමිනි නුබ යහනාවට වැඩියේ
හද සැරිසරයි ආදර ගඟුලෙහි රිසියේ
මදනළ පවා නැත හැමුවේ කඩි මුඩියේ
මතු සම්බන්ධයි......
~~ ලියෝනි අමරතුංග ~~
~~~~~~
No comments:
Post a Comment